Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 39:27 - Sinhala Revised Old Version

27 නොහොත් රාජාලියා උඩට ඉගිලී උගේ කැදැල්ල උස් තැන සාදන්නේ නුඹේ අණටද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 රාජාලියා අහසට පියඹා උගේ කැදැල්ල උස් තැනක සාදන්නේ නුඹේ අණ පිට ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 39:27
11 හුවමාරු යොමු  

නුඹ රාජාලියාමෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත්, එතනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.


හොරණෑව නුඹේ මුඛයට තබන්න. රාජාලියා මෙන් ස්වාමීන්වහන්සේගේ ගෘහයට විරුද්ධව [සතුරා] එන්නේය. මක්නිසාද ඔව්හු මාගේ ගිවිසුම කඩකොට මාගේ ව්‍යවස්ථාවට විරුද්ධව කැරළිගැසුවෝය.


නුමුත් ස්වාමීන්වහන්සේ ගැන බලා සිටින්නෝ තමුන්ගේ සවිය අලුත්කරගන්නෝය; ඔව්හු රාජාලීන් මෙන් පියාඹා නගින්නෝය; ඔව්හු දුවන්නෝය, එහෙත් වෙහෙස නොවෙති; ඔව්හු ඇවිදින්නෝය, එහෙත් ක්ලාන්ත නොවෙති.


නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.


රාජාලියෙකු මෙන් ඔබගේ යෞවනකම අලුත්වන පිණිස උන්වහන්සේ ඔබගේ කට යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක.


පක්ෂීන් අතරෙන් නුඹලා විසින් පිළිකුල්කළ යුතු වන්නේ මේ සත්තුය; උන් නොකෑ යුතුය, උන් පිළිකුලක්ය–එනම් රාජාලියාද මහ ගිජුලිහිණියාද මුහුදු උකුස්සාද;


උකුස්සා ඉහළ නැගී දකුණු දිශාව දෙසට උගේ පියාපත් විදහන්නේ නුඹේ නුවණින්ද?


ඌ පර්වතය පිට වාසයකරන්නේය, පර්වතයේද පර්වත කූටයේද වසන්නේය.


එනම්, ආකාශයෙහි රාජාලියෙක් යන මාර්ගය; පර්වතයක් උඩ සර්පයෙක් යන මාර්ගය; මුහුද මැද නැවක් යන මාර්ගය; කන්‍යාවකු හා සමඟ පුරුෂයෙකුගේ මාර්ගය යන මේවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්