Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 37:19 - Sinhala Revised Old Version

19 අප විසින් උන්වහන්සේට කිය යුතුදේ නුඹ අපට දන්වන්න. අන්ධකාරය නිසා අපේ කථාව පිළියෙළකරන්ට අපට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 අප දෙවිඳුන්ට කිය යුතු දෙය ඔබ අපට උගන්වන්න; අපේ බුද්ධිය අඳුරු ය; එතුමන්ට කියන්නට අපට කිසි දෙයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 37:19
17 හුවමාරු යොමු  

ප්‍රේමවන්තයෙනි, දැන් අපි දෙවියන්වහන්සේගේ දරුවෝය, අපි කොයි ආකාර අය වන්නෙමුදැයි තවම ප්‍රකාශවී නැත. උන්වහන්සේ ප්‍රකාශවුණාම අපි උන්වහන්සේට සමානවන බව දනිමුව; මක්නිසාද උන්වහන්සේ සිටින ආකාරයටම අපි උන්වහන්සේ දකින්නෙමුව.


එසේය, දැන් අපට කැඩපතකින් අඳුරුලෙස පෙනෙන්නේය; නුමුත් මතු මුහුණට මුහුණ පෙනෙනවා ඇත. දැන් මාගේ දැනගැන්ම අඩුය; නුමුත් මා දැනගනු ලැබූ ලෙසම මතු මම දැනගන්නෙමි.


මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි.


මම මෘගාකාර වීමි, අඥාන වීමි; ඔබ ඉදිරියෙහි තිරිසනෙකු මෙන් වීමි.


දැනගැන්ම නැතිකමෙන් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද? එබැවින් මට නොතේරෙන්නාවූ, මා දැනනොගත්, මට ඉතා පුදුමවූ දේවල් කීවෙමි.


අනුවණ වචනවලින් මන්ත්‍රණය අඳුරුකරන මොහු කවුද?


මේ වනාහි උන්වහන්සේගේ මාර්ගවල අල්පමාත්‍රයක් පමණකි. එයින් අපට ඇසෙන්නේ කෙතරම් හීන් ශබ්දයක්ද! එසේනම් උන්වහන්සේගේ පරාක්‍රමයේ ගර්ජනාව තේරෙන්නේ කාටදැයි කීවේය.


ඉතින් මාගේ උත්තරය අසා, මාගේ තොල්වල විවාදවලට ඇහුම්කන් දෙන්න.


සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.


මටත් නුඹලාට වාගේම බුද්ධිය තිබේ; මම නුඹලාට අඩු නැත. එසේය, මෙබඳු දේ නොදන්නේ කවුද?


එලෙසම ආත්මයාණන්වහන්සෙත් අපගේ දුර්වලකම්වලදී උපකාරකරනසේක. මක්නිසාද යුතුලෙස යාච්ඤා කරන්ට අපි නොදනිමුව; නුමුත් ආත්මයාණන්වහන්සේම කිය නොහැකි කෙඳිරිගෑම්වලින් අප උදෙසා මැදහත්කම්කරනසේක.


එසේවී නම් මම උන්වහන්සේට උත්තර දෙමින්, උන්වහන්සේ සමඟ විවාදකරන්ට මාගේ වචන තෝරාගන්නේ කොහොමද?


මා කථාකරන්ට කැමති බව උන්වහන්සේට දන්වන්ටද? නොහොත් මනුෂ්‍යයෙක් නාස්ති කරනු ලබන්ට ආශාවිය යුතුද?


මම නීචයෙක්මි; ඔබට උත්තරයක් දෙන්නේ කෙසේද? මාගේ අතින් කට වසාගනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්