Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:30 - Sinhala Revised Old Version

30 බලව, උන්වහන්සේ තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:30
13 හුවමාරු යොමු  

මනුෂ්‍යයෙකු නැති දේශයකටත් කිසි මනුෂ්‍යයෙකු නැති කාන්තාරයටත් වැසි වස්වා,


ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය.


දෙවියන්වහන්සේ: අහසට යටින් තිබෙන ජලය එක් තැනකට රැස් වේවා, වියළි බිම පෙනේවයි කීසේක. ඒ එසේ විය.


මක්නිසාද ආකාශයේ එක් දිසාවකින් නික්මෙන විදුලිය ආකාශයේ අනික් දිසාව දක්වා බැබළෙන්නාක්මෙන් මනුෂ්‍ය පුත්‍රයා තමන් දවසේදී වන්නේය.


නුමුත් වලාපටලයේ පැතිර යාම වන උන්වහන්සේගේ මණ්ඩපයේ ගර්ජනා යමෙකුට තේරුම්ගත හැක්කේද?


මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක; ආහාරද බොහෝසෙයින් දෙනසේක.


ඔබ වස්ත්‍රයක් මෙන් එළිය පොරවාගන්නසේක; වියනක් මෙන් ආකාශය දිගහරිනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්