Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:17 - Sinhala Revised Old Version

17 නුමුත් නුඹ දුෂ්ටයාගේ දඬුවමින් පිරී සිටින්නෙහිය. විනිශ්චය හා යුක්තිය නුඹ අල්වාගන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය. විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එහෙත් දැන්, ඔබ දුදනන් සාධාරණ ලෙස විනිශ්චය නොකරන්නෙහි ය. විනිශ්චයයට හා සාධාරණකමට ගරු නොකරන්නෙහි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:17
10 හුවමාරු යොමු  

තවද: මාගේ සෙනඟෙනි, ඇගේ පාපවලට හවුල් නොවන පිණිසත්, ඇගේ පීඩාවලට අසු නොවන පිණිසත්, ඇගෙන් ඉවත්ව එන්නැයි කියන වෙන හඬක් ස්වර්ගයෙන් මට ඇසුණේය.


මෙබඳු දේ කරන්නෝ මරණයට සුදුස්සෝය යන දෙවියන්වහන්සේගේ නියෝගය ඔව්හු දැනගනත් ඒ දේ කරති, එපමණක් නොව ඒ දේ කරන්නන් සමඟ එකඟද වෙති.


දුෂ්ට මනුෂ්‍යයන් මෙන් යෝබ් උත්තරදෙන බැවින් ඔහු තීන්දුවටම සෝදිසිකරනු ලබන්නේනම් යෙහෙකි.


අයුතුකම්කරන්නන් හා සමාගම්වී, දුෂ්ට මනුෂ්‍යයන් සමඟ හැසිරෙන්නේය.


නොහොත් නුඹට නොපෙනෙන හැටියට අන්ධකාරයද ජල රාශියද නුඹ වසාගන්නේය.


එහෙත් මාගේ මුඛයෙන් නුඹලා ශක්තිමත්කර, මාගේ තොල්වල සැනසිල්ලෙන් නුඹලා උසුලන්නෙමි.


නුඹේ දුෂ්ටකම මහත්ව තිබෙනවා නොවේද? නුඹේ අයුතුකම්වලට කෙළවරක් නැත.


ඒ නිසා නුඹ වටකර මළපත් තිබෙයි, හදිසි භීතිය නුඹ කලඹන්නේය,


යෝබ්ට සමාන මනුෂ්‍යයා කවරේද? ඔහු නින්දාව වතුර මෙන් බොන්නේය.


අතට අත එකතුවුණත් දුෂ්ටයා දඬුවම් නොලැබ නොසිටින්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ වංශය මුදනු ලබන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්