Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 36:15 - Sinhala Revised Old Version

15 උන්වහන්සේ පීඩා විඳින්නන් පීඩාකරණකොටගෙන මුදා, පීඩිතකමේදී ඔවුන්ගේ කන් අරිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක. පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 දෙවිඳාණෝ, දුක් විඳීම මඟින් දුක් විඳින්නන්ට ගැළවීම දෙන සේක. පීඩාව කරණකොටගෙන ඔවුන්ගේ ඇස් පහදන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 36:15
10 හුවමාරු යොමු  

දැනමුතුකමට ඔවුන්ගේ කන් අරවා, අයුතුකමෙන් හැරෙන්ට කියා ඔවුන්ට අණකරනසේක.


එසේවී නුමුත් මාගේ සේවයද දේශවල රාජ්‍යයන්ගේ සේවයද ඔවුන් දැනගන්නා පිණිස ඔව්හු ඔහුගේ සේවකයෝ වන්නෝ යයි වදාළසේක.


එසේ උන්වහන්සේ ඔවුන්ගේ මුඛය නමැති කඩුවෙන්ද බලවන්තයාගේ අතින්ද දිළින්දා ගළවනසේක.


බලව, දෙවියන්වහන්සේගෙන් දඬුවම් ලබන මනුෂ්‍යයා වාසනාවන්තයෙක්ය. එබැවින් සර්වපරාක්‍රමයාණන්ගේ දඬුවම්කිරීම සුළු නොකරන්න.


දෙවියන්වහන්සේගේ සැනසිලිත් නුඹ සමඟ මෘදුලෙස කථාකරන වචනයත් නුඹට මදිද?


එකල මනුෂ්‍යයා ඔහුගේ අදහසින් හරවන පිණිසද, උඩඟුකම මනුෂ්‍යයාගෙන් පහකර,


ඔව්හු විලංගුවලින් බඳිනු ලැබ, දුක් පීඩා නමැති බැඳුම්වලට අසුවී සිටිත්නම්,


ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න. මක්නිසාද පීඩාවට වඩා නුඹ ඒක තෝරාගත්තෙහිය.


මක්නිසාද උන්වහන්සේ මොරගසන දිළිඳාද උපකාරකාරයෙක් නැති දුප්පතාද මුදාහරින්නේය.


එහෙත් උන්වහන්සේ දිළිඳා පීඩාවෙන් මුදා උසස්කොට, බැටළු රැළක් මෙන් ඔහුගෙන් පවුල් උපදවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්