Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 34:17 - Sinhala Revised Old Version

17 සැබවින්ම යුක්තියට වෛරවෙන කෙනෙකුට ආණ්ඩුකරන්ට පුළුවන්ද? ධර්මිෂ්ඨවූ බලවත්වූ තැනන්වහන්සේ පිට නුඹ වරද තබන්නෙහිද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද? සව් බලැති, ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ පිට ඔබ වරද තබන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 යුක්තිය නුරුස්නා කෙනෙකුට ලොවක් ආණ්ඩු කළ හැකි ද? සව් බලැති, ධර්මිෂ්ඨ තැනැන් වහන්සේ පිට ඔබ වරද තබන්නෙහි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 34:17
10 හුවමාරු යොමු  

නුඹ මාගේ විනිශ්චය පවා අවලංගුකර, නුඹම ධර්මිෂ්ඨව පෙනෙන පිණිස මට වරද තබන්නෙහිද?


ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ කීවෙත් ඉශ්‍රායෙල්ගේ පර්වතයාණන් මට කථා කළෙත් මෙසේය–දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇතුව මනුෂ්‍යයන් කෙරෙහි ආණ්ඩුකරන ධර්මිෂ්ඨ ආණ්ඩුකාරයෙක් එන්නේය.


එසේවී නම් කුමක් කියමුද? දෙවියන්වහන්සේ වෙත අධර්මිෂ්ඨකම ඇද්ද? එසේ නොවේවා.


එයාකාර කිරීම ඔබගෙන් දුරුවේවා, ධර්මිෂ්ඨයා දුෂ්ටයා හා සමානවන ලෙස දුෂ්ටයා සමඟ ධර්මිෂ්ඨයා මැරීම ඔබ කෙරෙන් දුරුවේවා. මුළු පොළොවේ විනිශ්චයකාරයාණන්වහන්සේ යුක්තිය නොකරනසේක්දැයි කීවේය.


මේ සියල්ලේදී යෝබ් පව්කෙළේවත් අඥානකමින් දෙවියන්වහන්සේට දොස් තැබුවේවත් නැත.


එහෙත් ශෙරුයාගේ පුත්‍රවූ අබිෂයි උත්තරදෙමින්: ෂිමෙයි ස්වාමීන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාට දෙස් කී බැවින් ඔහු මරනුලැබිය යුතු නොවේදැයි කීය.


ඉතින් නුඹට ඥානය ඇත්නම් මේක අසා, මාගේ වචනවල හඬට ඇහුම්කන් දෙන්න.


රජෙකුට: නපුරාය කියාවත් උත්තමයන්ට: දුෂ්ටයෝය කියාවත් කියන්ට යුතුද?


එසේ අභක්තික මනුෂ්‍යයා රජකම් නොකරන ලෙසද, කිසිවෙකු විසින් සෙනඟ මලපතට අසුකර නොගන්න ලෙසද, ජාතියක් ගැන වේවා, එක මනුෂ්‍යයෙක් ගැන වේවා, එකාකාර සිද්ධ වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්