Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 34:13 - Sinhala Revised Old Version

13 උන්වහන්සේට පොළොව භාරදුන්නේ කවුද? නොහොත් සකල ලෝකය පිහිටෙවුවේ කවුද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මහ පොළොව එතුමාණන්ට භාර දුන් කෙනෙක් ඇද් ද? මුළු සක්වළ ආධිපත්‍යය එතුමාණන් අන් කෙනෙකුගෙන් ලත් දෙයක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 34:13
9 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්ස, මහන්තත්ත්වයද පරාක්‍රමයද තේජසද ජයද මහිමයද අයත් ඔබටය. මක්නිසාද ස්වර්ගයෙහිත් පොළොවෙහිත් ඇති සියල්ල ඔබගේය; රාජ්‍යයත්, ස්වාමීන්වහන්ස, ඔබට අයිතිය, ඔබ සියල්ල කෙරෙහි හිස මෙන් උසස්ව සිටිනසේක.


පොළොවේ සියලු වැසියෝ කිසිත් නොවන්නාක් මෙන් සලකනු ලබන්නෝය. උන්වහන්සේ ස්වර්ගයේ සේනාව සහ පොළොවේ වැසියන් අතර තමන් කැමැති ලෙස කරනසේක. උන්වහන්සේගේ අත නවත්වන්ටවත්: ඔබ කුමක් කරනසේක්දැයි උන්වහන්සේට කියන්ටවත් පුළුවන්වූ කිසිවෙක් නැත.


උන්වහන්සේගේ මාර්ගය උන්වහන්සේට නියමකෙළේ කවුද? නොහොත්: ඔබ අධර්මිෂ්ඨකම් කළසේකැයි කියන්ට පුළුවන් කාටද?


පොළොව හා එහි සම්පූර්ණත්වයද ලෝකය හා එහි වැසියෝද ස්වාමීන්ගේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්