Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 33:4 - Sinhala Revised Old Version

4 දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත් කරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 33:4
11 හුවමාරු යොමු  

එහෙත් මනුෂ්‍යයා තුළ ආත්මයක් ඇත්තේමය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්මද ඔවුන්ට ඥානය දෙන්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය.


(මාගේ හුස්ම මා තුළේද, දෙවියන්වහන්සේ දුන් පණ මාගේ නාසේද තිබෙන තුරුම,)


එසේම: පළමුවෙනි මනුෂ්‍යයාවූ ආදම් ජීවමාන ප්‍රාණයක් වුණේයයි ලියා තිබේ. අන්තිම ආදම් ජීවනදායක ආත්මයක් විය.


ඔබ මට ජීවිතයත් කරුණාවත් දී, ඔබගේ දයා බැල්මෙන් මාගේ ආත්මය ආරක්ෂාකළසේක.


ස්වාමීන්ගේ වචනයෙන් ආකාශයද උන්වහන්සේගේ මුඛයේ හුස්මෙන් එහි සියලු සේනාවද මවනලද්දේය.


මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළවූ ජීවනදායක ආත්මයාණන්වහන්සේගේ ව්‍යවස්ථාව පාපයේද මරණයේද ව්‍යවස්ථාවෙන් මා නිදහස්කළාය.


ඔබ විසින් පීඩාකිරීමත්, ඔබගේ අත්වැඩය හෙළාදැකීමත්, දුෂ්ටයන්ගේ මන්ත්‍රණය කෙරෙහි බැබළීමත් ඔබට සුදුසුද?


ජීවත්වෙන සියලු සත්වයන්ගේ පණද මුළු මනුෂ්‍ය වර්ගයාගේ ආත්මද උන්වහන්සේගේ අතෙහිය.


ඔබ ස්වකීය ආත්මය එවන කල උන් මවනු ලබති; ඔබ පොළෝතලය අලුත් කරනසේක.


ආකාශ මණ්ඩලය මවා ඒවා දිග ඇරියාවූද, පොළොව සහ එහි සෑදෙන දේ ඇතුරුවාවූද, එහි සෙනඟට හුස්මත් එහි හැසිරෙන්නන්ට ආත්මයත් දෙන්නාවූද දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්