Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 30:20 - Sinhala Revised Old Version

20 මා ඔබට හඬගසන නුමුත් ඔබ මට උත්තර නොදෙනසේක; මා නැගිට සිටින නුමුත් ඔබ මා දෙස නිකම් බලාසිටිනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මා ඔබට හඬ නැඟුවත් ඔබ පිළිතුරු නොදෙන සේක; මා නැඟිට අයැදුම් කළත් මට පිහිටක් නැත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 30:20
10 හුවමාරු යොමු  

මෙන්න, මා අයුත්ත ගැන මොරගසන නුමුත්, මට උත්තරයක් නැත. පිහිට ඉල්ලා මොරගසන නුමුත් යුක්තිය ඉෂ්ටවීමක් නැත.


නුමුත් උන්වහන්සේ ඈට වචනයකින්වත් උත්තරයක් දුන්නේ නැත. උන්වහන්සේගේ ගෝලයෝ ඇවිත්: මෑ අප පස්සේ මොරගසන බැවින් යන්ට හැරිය මැනවයි උන්වහන්සේගෙන් ඉල්ලුවෝය.


අපේ යාච්ඤාව ඔබ වෙතට නොපැමිණෙන ලෙස ඔබ වලාකුළකින් ඔබම වසාගෙන සිටිනසේක.


එසේය, මා කෑගසා පිහිට ඉල්ලන විට උන්වහන්සේ මාගේ යාච්ඤාව වලක්වනසේක.


මාගේ දෙවියනි, දාවල් ඔබට හඬ ගසමි, එහෙත් ඔබ උත්තර නොදෙනසේක; රාත්‍රියේද නිශ්ශබ්දව නොසිටිමි.


විපත ඔහු පිටට පැමිණෙන විට දෙවියන්වහන්සේ ඔහුගේ හඬගැසීම අසනවා ඇද්ද?


අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!


නුමුත් ඉශ්‍රායෙල්ගේ ප්‍රශංසා මධ්‍යයෙහි වාසයකරන්නාවූ ඔබ ශුද්ධසේක.


බාල වයසේ පටන් මම පීඩිතව මරණාසන්නවෙමි. ඔබගෙන් පැමිණෙන භීති විඳින කල විකලවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්