Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 3:22 - Sinhala Revised Old Version

22 මිනීවළ සම්මුඛවෙන කල ඔව්හු සන්තෝෂව, අතිශයින් ප්‍රීති වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 සොහොනට යෑම ඔවුන්ට සතුටකි; මිනීවළට යන විට ඔව්හු ප්‍රිය හඬ දෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 3:22
10 හුවමාරු යොමු  

ඔවුන් මරණය ගැන බලාපොරොත්තුවෙන නුමුත්, නිදන් වස්තුවලට වඩා එය සොයන නුමුත්, ඒක නොපැමිණෙන්නේය.


දෙවියන්වහන්සේ මනුෂ්‍යයෙකු වටකොට වැටක් බැඳ, ඔහුගේ මාර්ගය නොපෙනී තිබියදී, ඔහුට එළිය දී තිබෙන්නේ මක්නිසාද?


මිටියාවතේ පිඩලි ඔහුට මිහිරිවන්නේය, සියලු මනුෂ්‍යයෝ ඔහුට පස්සෙනුත් ඔහුට පෙරටුවෙනුත් ගණනාවක් නැතුව පෙළ නොකැඩී යති.


මේ නපුරු පෙළපතින් ඉතුරුවෙන අය, මා විසින් පන්නා දැමූ සෑම තැන්වල ඉතුරුවෙන ඔවුන් සියල්ලෝම, ජීවත්වීමට වඩා මරණය තෝරා ගන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අහෝ මාගේ ඉල්ලීම මට ලැබුණොත්, මා ආශාවන දෙය දෙවියන්වහන්සේ මට දුන්නොත් යහපත!


එසේ මට නැවත සැනසීම වන්නේය; මමද මා ඉතුරු නොකරන වේදනාවට ප්‍රීතිමත් වන්නෙමි. මක්නිසාද මම ශුද්ධ තැනැන්වහන්සේගේ වචන එපා නොකෙළෙමි.


ඒ නිසා බෙල්ල මිරිකා නසනු ලැබීමටත්, මාගේ මේ ඇටවලට වඩා මරණයටත් මාගේ ආත්මය කැමතිවන්නේය.


නුමුත් දුෂ්ටයන්ගේ ඇස් ක්ෂයවන්නේය, ඔවුන්ට ගැළවීමක් නොලැබෙන්නේය, ඔවුන්ගේ බලාපොරොත්තුවද ප්‍රාණය ඉකුත්වීමයයි කීවේය.


එබැවින් තවම ජීවත්ව සිටින්නන්ට වඩා මැරී ගියාවූ අයගේ ස්වභාව යෙහෙකැයි කීයෙමි.


එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්