Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 29:23 - Sinhala Revised Old Version

23 වැස්ස ගැන මෙන් ඔව්හු මා ගැන බලාසිටියෝය; අන්තිම වර්ෂාව ගැන මෙන් තමුන්ගේ මුඛය ඇරගන සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 වැසි එන තුරු බලා සිටින, පොසොන් වැසි වලා එන විට ප්‍රීති වන ගොවීන් මෙන් ඔව්හු මුව අයාගෙන මට සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 29:23
9 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඇඳිනගනිමු, ඇඳිනගන්ට වීර්යකරමු; උන්වහන්සේගේ උදාවීම පහන්වීම මෙන් ඒකාන්තමය. උන්වහන්සේ වර්ෂාව මෙන්ද පොළොව තෙමන අන්තිම වර්ෂාව මෙන්ද අප ළඟට එනවා ඇත.


අන්තිම වර්ෂා කාලයට ස්වාමීන්වහන්සේගෙන්, එනම් විදුලිකොටවන ස්වාමීන්වහන්සේගෙන් වර්ෂාව ඉල්ලන්න; උන්වහන්සේද ඔවුන්ට තද වර්ෂාවත් එකිනෙකාට පිට්ටනියෙහි තෘණත් දෙනවා ඇත.


තණකොළ කැපූ කෙත් පිට වැස්ස මෙන්ද බිම තෙමන වැසිවලා මෙන්ද උන්වහන්සේ පහළවන්නේය.


මාගේ වචනවලට පසු ඔව්හු කථානොකර සිටියෝය; මාගේ කථාව පිනි මෙන් ඔවුන් පිට වැටුණේය.


මා සිනාසී ඔවුන් දෙස බැලූ කල ඔව්හු විශ්වාස නොකළෝය; මාගේ මුහුණේ එළියද නොසලකා නොසිටියෝය.


මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. නුඹේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.


මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.


රජුගේ මුහුණේ එළියෙන් ජීවත්වීම ඇත; ඔහුගේ කරුණාව අන්තිම වර්ෂා කාලයේ වලාකුළක් මෙනි.


වර්ෂාව එනම් පළමුවෙනි වර්ෂාවද අන්තිම වර්ෂාවද නිසි කාලයට දෙන්නාවූ, ගොයම් කැපීමට නියම සති අපට සලස්වා දෙන්නාවූ අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෙරෙහි භය ඇතිව සිටිමුයයි ඔව්හු තමුන්ගේ සිත් තුළ නොකියති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්