Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 29:18 - Sinhala Revised Old Version

18 එවිට මම කථාකොට: මාගේ කැදැල්ලෙහි නසින්නෙමි, මාගේ දවස්ද වැලි මෙන් වැඩිවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එදා මා සිතුවේ මෙසේ ය: ‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එදා මා සිතුවේ මෙසේ ය: ‘මම දිගායු වළඳා දරු කැල මැද මාගේ නිවෙසෙහි යෙහෙන් මිය යෑමට නිරතුරු බලාපොරොත්තු වීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 29:18
12 හුවමාරු යොමු  

නුඹ රාජාලියාමෙන් නුඹේ කූඩුව ඉහළින් සාදා තාරකා අතරෙහි තැබුවත්, එතනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අහෝ පර්වත විවරවල වසන්නාවූ, හෙල්මුදුන් අල්ලාගෙන සිටින්නාවූ තැනැත්ත, නුඹේ සිතේ භයංකරකම ගැන නුඹේ සිතේ උඩඟුකමෙන් නුඹ රැවටුණෙහිය. නුඹේ කූඩුව රාජාලියාමෙන් ඉහළින් සෑදුවත් එතැනින් නුඹ පහළට හෙළන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


දීර්ඝායුෂයෙන් ඔහු සෑහීමට පමුණුවා, මාගේ ගැළවීම ඔහුට දක්වන්නෙමි.


ගොයම් මිටියක් නියම කාලයේදී ගෙනයනු ලබන්නාක්මෙන් නුඹ වයසින් පූර්ණව සොහොනට පැමිණෙන්නෙහිය.


ඒකාන්තයෙන් මම නුඹට යහපත කර නුඹේ වංශය ගණන් කළ නොහැකි තරමට මුහුදේ වැලි මෙන් වැඩිකරන්නෙමියි ඔබවහන්සේ කීසේකැයි කීවේය.


තමාගේ කූඩුව ඉහළින් සාදන පිණිසද, විපත්තියේ බලයෙන් මිදෙන පිණිසද අධර්මයෙන් ගත් දෙයක් තමාගේ ගෙට ගෙනෙන්නාට දුක්වේ!


අහෝ ලෙබනොන්හි වාසයකරමින් කිහිරි ගස්වල කැදැල්ල තබන තැනැත්තිය, වේදනා එනම් බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් රුජාව නුඹට පැමිණෙන විට නුඹ කොපමණ කාලකණ්ණි නොවන්නෙහිද?


යෝසෙප් ධාන්‍ය මුහුදේ වැලි මෙන් රාශි වශයෙන්, ගණන් නොකර හරින තරමට රැස්කෙළේය; මක්නිසාද ඒවා ගණන්කළ නොහැකිවිය.


මම අධර්මිෂ්ඨයාගේ හක්ක බිඳදමා, ඔහුගේ දත්වලින් ගොදුර උදුරා හැරියෙමි.


මාගේ මුල ජලය දක්වා පැතිර ගියේය, පිනිද රෑ මුළුල්ලේ මාගේ අත්ත පිට පවතින්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්