Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 28:19 - Sinhala Revised Old Version

19 කූෂ්හි පුෂ්පරාග ඊට සමාන නොවේ, පවිත්‍ර රනින් ඒකේ අගය නියමකරන්ට බැරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එතියෝපියාවේ පුෂ්පරාග ඊට සම කළ නොහැකි ය; දඹ රනින් වත් එහි අගය නියම කළ නොහැකි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 28:19
8 හුවමාරු යොමු  

නුඹ දෙවියන්වහන්සේගේ උයන වන ඒදන්හි සිටියෙහිය; සියලු අනර්ඝ ගල් වන ලෝහිතංකද පුෂ්පරාගද වජ්‍රද රන්කාන්තිද නඛමාණික්‍යද සූර්යකාන්තිද නීලමාණික්‍යද රතු කැටද මරකතද රන්ද නුඹේ වැස්මව තිබුණේය. නුඹේ රබන්වලද නුඹේ නළාවලද මෙහෙවර නුඹ තුළෙහි විය; නුඹ මවනු ලැබූ දවසේදී ඒවා සූදානම් කරනලද්දේය.


රන්වලටත් පිරිසිදු රත්රන්වලටත් වඩා මාගේ පලදාවද අනර්ඝ රිදීවලට වඩා මාගේ ආදායමද හොඳය.


එහි මැණික් පේළි සතරක් බැන්දෝය. පළමුවෙනි පේළියට ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද විය.


ඒ පිට මැණික් පේළි සතරක් බඳින්න. පළමුවෙනි පේළිය ලෝහිතංකයක්ද පුෂ්පරාගයක්ද මරකතයක්ද ඇති පේළියක් වන්නේය;


පස්වෙනි එක නාඛමාණික්‍යය; සවෙනි එක ලෝහිතංකයය; සත්වෙනි එක රන්කාන්තියය; අටවෙනි එක වෛදුර්ය; නවවෙනි එක පුෂ්පරාගයය; දසවෙනි එක ගෝමේදයය; එකළොස්වෙනි එක පද්මරාගයය; දොළොස්වෙනි එක අඹතෙස්ය.


එසේ වී නම් ප්‍රඥාව පැමිණෙන්නේ කොතැනින්ද? නුවණ තිබෙන තැන කොහේද?


ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය.


රන්ද රතුකැට රාශියක්ද ඇත්තාහ; එහෙත් දැනගැන්ම ඇති තොල් අනර්ඝ මාණික්‍යයක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්