Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 27:7 - Sinhala Revised Old Version

7 මාගේ සතුරා දුෂ්ටයෙකු මෙන්ද මාගේ විරුද්ධකාරයා අධර්මිෂ්ඨයෙකු මෙන්ද වේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ‘මාගේ සතුරාට දුදනෙකුට මෙන් අවැඩක් වේවා’යි ද ‘මාගේ විරුද්ධකාරයාට නපුරක් ම වේවා’යි ද පතමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 27:7
6 හුවමාරු යොමු  

එකල බේල්ටෙෂශර් නම්වූ දානියෙල් මොහොතක් පමණ විස්මපත්ව හිඳ, තමාගේ සිතිවිලි නිසා කැලඹුණේය. රජ කථාකොට: බේල්ටෙෂශර්, නුඹ ස්වප්නය ගැනවත් එහි අර්ථය ගැනවත් නොකැලඹෙන්නැයි කීවේය. බේල්ටෙෂශර් උත්තරදෙමින්: මාගේ ස්වාමිනි, ඒ ස්වප්නය ඔබට වෛරවෙන්නන්ටත් එහි අර්ථය ඔබගේ සතුරන්ටත් වේවා.


එවිට රජ: අබ්සලොම් යෞවනයා සුවසේ සිටිනේදැයි කූශියයාගෙන් ඇසුවේය. කූශියයාද: මාගේ ස්වාමිවූ රජ්ජුරුවන්ගේ සතුරෝද ඔබට අන්තරාකරන්ට ඔබට විරුද්ධව නැගිටින සියල්ලෝද ඒ යෞවනයා මෙන් වෙත්වයි උත්තරදුන්නේය.


දැන් මාගේ ස්වාමිනි, ස්වාමීන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම, ඔබගේ ප්‍රාණයත් ජීවත් වන බව සැබෑවා සේම, ලේ වැගිරීමේ අපරාධයෙන්ද ඔබගේම අතින් පළිගැනීමෙන්ද ස්වාමීන්වහන්සේ ඔබ වැලැක්වූසේක්මය, එබැවින් ඔබගේ සතුරෝද මාගේ ස්වාමියාට අන්තරාකරන්ට සොයන්නෝද නාබල් මෙන් වෙත්වා.


මාගේ ධර්මිෂ්ඨකම අත්නෑර ඒක අල්ලාගනම සිටින්නෙමි. මට දිවි ඇති තාක් මාගේ සිත මට වරද නොතබන්නේය.


අභක්තිකයා කොල්ලකාගන්න නුමුත්, දෙවියන්වහන්සේ ඔහුගේ ප්‍රාණය අහක්කරගන්න විට ඔහුගේ බලාපොරොත්තුව කුමක්ද?


අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්