Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 27:21 - Sinhala Revised Old Version

21 පෙරදිග සුළඟින් ඔහු ගෙනයනු ලබන්නේය, ඔහුද පහව යයි; එය ඔහුගේ ස්ථානයෙන් ඔහු හෙළා දමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 පෙරදිග මාරුතයෙන් ඔහු ගහගෙන යයි; සිය නිවෙසින් ඈත පෙදෙසකට ඔහු නෙරපී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 27:21
14 හුවමාරු යොමු  

දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.


එසේම ඔබගේ කුණාටුවෙන් ඔවුන් ලුහුබඳවා, ඔබගේ සැර සුළඟෙන් ඔවුන් භය ගැන්නුව මැනව.


නුඹලාගේ සැළිවලට කටුදරඋෂ්ණය වදින්ට පළමුවෙන්, උන්වහන්සේ අමු දරත් දැවෙන දරත් එක ලෙසම සුළිසුළඟකින් පහ කරනසේක.


ඔවුන් සුළඟට ගහගනයන ඉපනැල්ල මෙන්ද සුළඟට අසුවීයන බොල් මෙන්ද වෙන්නෙත් කොපමණ වාරවලද?


ඔහු නැවත තමාගේ ගෙදරට හැරී නොඑන්නේය, ඔහුගේ ස්ථානයද නැවත ඔහුව දැන නොගන්නේය.


වැසි වැස, ජලය ගලා, හුළඟ හමා, ඒ ගෙට ගැසුවේය; ඒක වැටුණේය. එහි වැටීමද බලවත්විය.


ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.


පෙරදිග හුළඟකින් මෙන් සතුරා ඉදිරියෙන් ඔවුන් විසුරුවන්නෙමි; ඔවුන්ගේ විපත්ති දවසේදී ඔවුන්ට මුහුණ නොව පිටුපාන්නෙමියි කියන්න.


එළියෙන් අඳුරට ඔහු තල්ලුකරනු ලැබ, ලෝකයෙන් එළවනු ලබන්නේය.


ඔහු හීනයක් මෙන් පහවී ගොස් නොපෙනී යන්නේය. රාත්‍රියේ දර්ශනයක් මෙන් පන්නනු ලබන්නේය.


ඔබවහන්සේ මා සුළඟට අසුකරදී, ගසාගන ගොස්, කුණාටුවෙන් දියවෙන්ට සලස්වනසේක.


මාගේ බීම වැලපීමෙන් මිශ්‍රකෙළෙමි. මක්නිසාද ඔබ මා ඔසවා පහතට හෙළූසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්