Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 24:8 - Sinhala Revised Old Version

8 ඔව්හු කඳුවල වැස්සට තෙමී, මුවාවක් නැති හෙයින් පර්වතයට ඇලී හිඳිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 කඳුකරයෙන් එන වැස්සට දියබත් වී මුවා වන පිණිස පර්වතය අසල ඔව්හු රොක් වී සිටිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 24:8
5 හුවමාරු යොමු  

රස කෑම කෑ අය අසරණව වීථිවල හිඳිති. රතු ඇතිරිලි පිට හිඳ ඇතිවුණ අය කසළ ගොඩවල් වැලඳගෙන හිඳිති.


ඔව්හු කාන්තාරවලද කඳුවලද ගුහාවලද පොළොවේ බෙනවලද ඇවිද්දෝය; ඔවුන්ගේ විසීමට ලෝකය නොවටෙන්ය.


මම නිදාගෙන සිටියෙම් නුමුත් මාගේ සිත පිබිද තිබුණේය. අන්න මාගේ ප්‍රේමවන්තයා තට්ටුකරන ශබ්දයය: මාගේ සහෝදරිය, මාගේ සොඳුරිය, මාගේ පරෙවිදෙන, මාගේ නිර්මල තැනැත්තිය, මට දොර අරින්න. මක්නිසාද මාගේ හිස පින්නෙනුත් මාගේ කෙස් රොද රෑ පිනිබින්දුවලිනුත් පෙඟී තිබේයයි කීවේය.


ඔව්හු රෑ මුළුල්ලේ වස්ත්‍ර නැතුව නග්නව ලගිති, ශීතලට වැස්මකුත් ඔවුන්ට නැත.


පියා නැත්තා ළයෙන් උදුරාගන්නොත් අසරණයාගෙන් උකසක් ගන්නොත් ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්