Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:8 - Sinhala Revised Old Version

8 ඔවුන් ඉදිරියෙහි ඔවුන්ගේ වංශයද ඔවුන්ගේ ඇස් හමුවෙහි ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ පිහිටෙන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය. ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ඔවුන්ට දරු මුණුබුරෝ ඇති වන්නෝ ය. ඔවුන් වැඩෙනු දකින්නට ඔව්හු ද ජීවත් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:8
8 හුවමාරු යොමු  

මහල්ලන්ගේ ඔටුන්න නම් දරුවන්ගේ දරුවෝය; දරුවන්ගේ පාරට්ටුව ඔවුන්ගේ පියවරුය.


ස්වාමිනි, ඔබගේ කඩුවෙන් දුෂ්ටයන් ගෙන්ද, ඔබගේ අතින් මනුෂ්‍යයන්ගෙන්, එනම්, ඔවුන්ගේ කොටස මේ ජීවිතයෙහි ලද්දාවූ, ඔබගේ වස්තුවෙන් ඔබ විසින් බඩ පුරවන්නාවූ, දරුවන් නිසා තෘප්තියට පැමිණ, ළදරුවන්ට ඉතිරි දේ තබායන්නාවූ ලෞකික මනුෂ්‍යයන්ගෙන්ද මාගේ ආත්මය ගැළවුව මැනව.


ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.


ඔහුගේ දරුවෝ දුප්පතුන්ගේ කරුණාව සොයන්නෝය, ඔහුගේ අත් ඔහුගේ සම්පත් ආපසු දෙන්නේය.


ඔහුගේ සෙනඟ අතරේ ඔහුට දරුවෙක්වත් මුනුබුරෙක්වත් නොසිටී, ඔහුගේ වාස භූමියෙහි ඉතුරුව සිටින කෙනෙක්ද නැත.


ඔවුන්ගේ ගෙවල් භයින් තොරව සුරැකිව තිබේ, දෙවියන්වහන්සේගේ ඉපලද ඔවුන් පිට නැත.


ඔවුන් නිරර්ථකයේ වෙහෙසෙන්නේවත් විපත්තිය පිණිස උපදවන්නේවත් නැත; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගෙන් ආශීර්වාද ලබන්නන්ගේ වංශයය, ඔවුන්ගෙන් පැවත එන්නෝද ඔවුන් සමඟ වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්