Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:34 - Sinhala Revised Old Version

34 එසේනම් නුඹලාගේ උත්තරවල බොරුව පමණක් තිබෙද්දී නිරර්ථකලෙස නුඹලා මා සනසන්ට හදන්නේ කෙසේදැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත. ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 එසේ නම්, ඔබ මට දෙන සැනසිල්ලෙන් වැඩක් නැත. ඔබේ පිළිතුරුවල ඇත්තක් නැත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:34
6 හුවමාරු යොමු  

එබඳු බොහෝ දේ මා විසින් අසා තිබේ. නුඹලා සියල්ලෝම දුක්දෙන සැනසිලිකාරයෝය.


ඔහුගේ මිත්‍රයන් තුන්දෙනාද යෝබ් කෙරෙහි වරද තැබූ නුමුත් ඔහුට උත්තරදෙන්ට ඔවුන්ට බැරිවුණ බැවින් ඔවුන්ටත් විරුද්ධව ඔහුගේ උදහස ඇවුළුණේය.


තවද ස්වාමීන්වහන්සේ මේ වචන යෝබ්ට කී පසු ස්වාමීන්වහන්සේ තේමානිය එලීපස්ට කථාකොට: මාගේ සේවකයාවූ යෝබ් මෙන් නුඹත් නුඹේ මිත්‍රයන් දෙන්නාත් මා ගැන හරි ලෙස කථා නොකළ බැවින් මාගේ උදහස නුඹලා කෙරෙහි ඇවිළ තිබේ.


නුඹලා නම් බොරු ගොතන්නෝය, නුඹලා සියල්ලෝම නොවටිනා වෙද්දුය.


එකල තේමානිය එලීපස් උත්තරදෙමින් කියනුයේ:


නුඹලාගේ පැණවත් කීම් අළු වැනි උපදේශවල්ය, නුඹලාගේ බලකොටු මැටි බලකොටුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්