Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 21:30 - Sinhala Revised Old Version

30 එනම් නපුරා විපත්ති දවසට ඉතුරුකර සිටින බවත් ඔවුන් උදහස් දවසට පිටත ගෙනයනු ලබන බවත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 විපත් දිනයේ දී දුදනා හැම විට ම බේරෙනු නොවේ ද? දෙවිඳුන් කෝප වන දවසේ දී දුදනා හැම විට ම ගැළවෙනු නොවේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 21:30
22 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ ඒ ඒ දෙය ඒ ඒ අදහසටද දුෂ්ටයා පවා විපත්ති දවසටද නියම කළසේක.


නුමුත් දැන් පවතින අහසද පොළොවද එම වචනයෙන් විනිශ්චයෙත් අභක්තිකයන්ගේ විනාශයෙත් දවස දක්වා ඉතුරුකරනු ලැබ ගින්නෙන් දැවීමට තබා තිබේ.


නුඹේ සිතේ මුරණ්ඩුකමෙන්ද පසුතැවිලි නොවන සිතින්ද දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨවූ විනිශ්චය එළිදරව්වන උදහසේ දවසට නුඹ උදහස රැස්කරගන්නෙහිද?


ඔහුගේ ගෙයි සම්පත් පහව යන්නේය, උදහස් දවසේදී ඒවා පාවී යන්නේය.


මක්නිසාද උන්වහන්සේගේ උදහසේ මහත් දවස පැමුණුණ බැවින් සිටින්ට පුළුවන් කාටදැයි කීවෝය.


ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.


ඒ දවස වනාහි උදහස් දවසක්ය, දුක්ඛිතවූ විපත්ති දවසක්ය, නාස්තිවීමේ හා සුනත්වීමේ දවසක්ය, අන්ධකාරවූ කළුවරවූ දවසක්ය, වලාපටලද ඝනාන්ධකාරයද ඇති දවසක්ය,


ස්වාමීන්වහන්සේ ස්වකීය ගෞරවය රක්ෂාකරන්නාවූ පළිගන්න දෙවිකෙනෙක්ය; ස්වාමීන්වහන්සේ පළිගන්නාවූ, උදහසින් පූර්ණවූ කෙනෙක්ය; ස්වාමීන්වහන්සේ තමන්ගේ එදිරිකාරයන්ගෙන් පළිගන්නාසේක, තමන්ගේ සතුරන්ට උදහස තබාගන සිටිනසේක.


උදහස් දවසේදී සම්පතෙන් උපකාර නොලැබේ; එහෙත් ධර්මිෂ්ඨකම මරණයෙන් ගළවයි.


ඔබගේ දකුණු පැත්තෙහි සිටින ස්වාමීන්වහන්සේ ස්වකීය උදහසේ දවසේදී රජුන් ගසා හෙළනසේක.


දෙවියන්වහන්සේ සම්පූර්ණ මනුෂ්‍යයෙක් පහකර දමන්නේවත් නපුර කරන්නන්ට ආධාර වෙන්නේවත් නැත.


දුෂ්ට මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ ගෙන් පැමිණෙන කොටසත් දෙවියන්වහන්සේ ඔහුට නියමකළ උරුමයත් මේයයි කීවේය.


දුෂ්ටයන්ගේ පහන නිවී, ඔවුන්ගේ විපත්තිය ඔවුන් පිටට පැමිණෙන්නෙත්, දෙවියන්වහන්සේ ස්වකීය කෝපයෙන් දුක් බෙදාදෙන්නෙත්,


ඔහුගේ විනාශය ඔහුගේම ඇස්වලට පෙනේවා, ඔහු සර්වපරාක්‍රමයාණන්ගේ උදහස පානයකෙරේවා.


මගයන්නන්ගෙන් නුඹලා අහලා නැද්ද? එසේනම් නුඹලා ඔවුන්ගේ සලකුණු නොදැන සිටිනවාද?


ඔහුගේ මාර්ගය ඔහුගේ මුහුණ ඉදිරියෙහි ප්‍රකාශකරන්නේ කවුද? ඔහු කළ දෙයට ඔහුට විපාක දෙන්නේ කවුද?


අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?


නුඹේ උදහස වගුරුවා හැර, උඩඟු සියල්ලන් බලා, ඔවුන් පහත් කරන්න.


නුමුත් නෙතානියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් මනුෂ්‍යයන් අට දෙනෙකු සමඟ යොහානාන් ඉදිරියෙන් ගැළවී අම්මොන් පුත්‍රයන් ළඟට ගියේය.


යෝෂුවාද: නුඹලා ගුහාවේ කටට ලොකු ගල් පෙරළා තබා, ඔවුන් මුරකරන්ට මිනිසුන් සිටුවන්න.


වෙන මනුෂ්‍යයන්ට මෙන් ඔවුන්ට විපත්ති නැත. වෙන මනුෂ්‍යයන්ට මෙන් පීඩාද නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්