Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 16:12 - Sinhala Revised Old Version

12 මම සුවසේ සිටියෙමි, උන්වහන්සේ මා පොඩිකළසේක; මාගේ බෙල්ල අල්ලා, මා බිමගසා සුන්කර, ඉලක්කයක් කොට මා තබාගත්සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක. එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ. එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එතුමාණන් මා මැඩ ලන තුරු මම යෙහෙන් කල් යැවීමි. එතුමාණෝ මාගේ ගෙල අල්ලා, මා බිම ගසා සුණු විසුණු කළ සේක. එතුමාණන්ගේ දුනුවායෝ මා වට කරගත්හ. එතුමාණෝ මා ඉලක්කයක් කරගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 16:12
19 හුවමාරු යොමු  

මනුෂ්‍යයන්ගේ ආරක්ෂාකාර තැනන්වහන්ස, මා පව්කර තිබෙන නුමුත් ඔබට කුමක් කරම්ද? මා මටම බරක් වන ලෙස, ඔබ විසින් පහරදීමට ඉලක්කයක් කොට මා තබාගත්තේ මක්නිසාද?


උන්වහන්සේ මාගේ මාංසයත් හමත් ජරාවට පමුණුවා, මාගේ ඇට බින්දසේක.


අපේ සිත පසුබට නොවීය, අපේ පාද ඔබගේ මාර්ගයෙන් ඉවත් නොවීය.


මා පමණක් නොව අන්‍යජාතීන්ගේ සියලු සභාවෝද ඔවුන්ට ස්තුතිකරති.


මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.


අතින් ඔවුන් නුඹව ඇල්ලූ විට නුඹ බිඳී, ඔවුන්ගේ සියලු උරහිස් ඉරුණේය. ඔවුන් නුඹට බරවෙන විට නුඹ පොඩිවී, ඔවුන්ගේ සියලු ඉඟටි ඇදී හිටින්ට නුඹ සැලැස්සුවෙහිය.


එකල උන්වහන්සේගේ පහන මාගේ හිසට උඩින් බැබළුණේය, මමද උන්වහන්සේගේ එළියෙන් අන්ධකාරය මැදින් ගියෙමි;


තමාගේ පලිස් ඝන ලෙස එකිනෙකට යාකරගන, තද කුළලක් ඇතුව උන්වහන්සේට විරුද්ධව දුවන්නේය.


මක්නිසාද උන්වහන්සේ කුණාටුවකින් මා පොඩිකර, නිකරුණේ මාගේ තුවාල වැඩිකරනසේක.


ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?


සිංහයාගේ ගර්ජනාවත් රෞද්‍ර සිංහයාගේ හඬත් නැතිවිය, තරුණ සිංහයන්ගේ දත්ද බිඳී තිබේ.


මට පහසුවක් නැත, මට නිශ්චලතාවක් නැත, නිවාඩුවක් නැත; එහෙත් දුක පැමිණේයයි කීවේය.


දෙවියන්වහන්සේ අභක්තිකයාට මා පාවාදෙනසේක; දුෂ්ටයන්ගේ අත්වලට මා වීසිකරනසේක.


මක්නිසාද සර්වපරාක්‍රමයාණන්ගේ ඊ ගස් මා තුළට වැදී තිබේ, ඒවායේ විෂය මාගේ ආත්මයට බීගන්නේය. දෙවියන්වහන්සේගේ භයානකකම් මට විරුද්ධව සැරසී තිබේ.


දෙවියන්වහන්සේ මාගේ සිත ක්ලාන්තකළසේක, සර්වපරාක්‍රමයාණෝ මා කැලඹූසේක.


සැබවින්ම උන්වහන්සේ දවස මුළුල්ලේ මට විරුද්ධව නැවත නැවත තමන් අත හරවනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්