Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 13:3 - Sinhala Revised Old Version

3 සැබවින් මම සර්වපරාක්‍රමයාණන්ට කථාකොට, දෙවියන්වහන්සේට කාරණා කියා සිටින්ට කැමැත්තෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය. එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එහෙත්, මාගේ කතාව සව් බලැති දෙවිඳුන් සමඟ ය. එතුමන් සමඟ තර්ක කරන්නට සැරසී සිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 13:3
14 හුවමාරු යොමු  

නුඹලාගේ පැමිණිල්ල ඉදිරියට ගෙනෙන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාගේ බලවත් කාරණා පෙන්වන්නැයි යාකොබ්ගේ රජ්ජුරුවෝ කියනසේක.


අහෝ, මාගේ බස් අසන කෙනෙක් මට ඇත්නම්! (මෙන්න, මාගේ අත්සන තබමි, සර්වපරාක්‍රමයාණෝ මට උත්තරදෙනසේක්වා;) මාගේ එදිරිකාරයා මට විරුද්ධව ලියූ පැමිණිලි පත්‍රය මට ඇත්නම්!


එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.


උන්වහන්සේ ඔහු සමඟ විවාද කරන්ට කැමතිවුණොත්, උන්වහන්සේට දහසකින් එකකටවත් උත්තරදෙන්ට ඔහුට බැරිය.


එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.


උන්වහන්සේ මා මරනවා ඇත; මට බලාපොරොත්තුවක් නැත්තේය; එහෙත් උන්වහන්සේ ඉදිරිපිට මාගේ මාර්ග හරි බවට ඔප්පුදෙන්නෙමි.


අහෝ, දෙවියන්වහන්සේ කථාකොට, නුඹට විරුද්ධව උන්වහන්සේගේ තොල් විවරකරනසේක්වා!


එහෙත් මම නම් දෙවියන්වහන්සේ දෙසට හැරී, මාගේ කාරණය දෙවියන්වහන්සේට භාරදෙන්නෙමි.


පොරට සිටින්නා සර්වපරාක්‍රමයාණන්වහන්සේ සමඟ විවාදකරන්නේද? දෙවියන්වහන්සේ සමඟ විවාද කරන්නා ඊට උත්තරදෙවයි කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්