Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 7:19 - Sinhala Revised Old Version

19 ඔවුන් කෝපය උපදවන්නේ මටද? තමුන්ගේ මුහුණු ලජ්ජාවට පත්වන හැටියට තමුන්ටම නොවේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත්, සැබෑවට ම ඔවුන් කෝප කරවන්නේ මා ද? නැත; ඔවුන් එසේ කරගන්නේ ඔවුන්ට ම ය. තමන් පිට ම ඔව්හු ලජ්ජාව පමුණුවාගන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 7:19
21 හුවමාරු යොමු  

නොහොත් අපි ස්වාමීන්වහන්සේ උදහස්කරමුද? අපි උන්වහන්සේට වඩා බලවත්ද?


නුමුත් ස්වාමීන්වහන්සේ භයානකවූ බලවන්තයෙකු මෙන් මා සමඟ සිටිනසේක. එබැවින් මාගේ පීඩාකාරයෝ පැකිලෙන්නෝය, ජය නොගන්නෝය. ඔව්හු නුවණින් ක්‍රියා නොකළ නිසා බොහෝසෙයින් ලජ්ජාවට පැමිණෙන්නෝය, එය කවදාවත් සිහිනැති නොවන සදාකාල අවනම්බුවක් වන්නේය.


මක්නිසාද: අප නාස්තිවුණ හැටි! අප දේශය අත්හැරිය නිසාද ඔවුන් අපේ වාසස්ථාන හෙළාදැමූ නිසාද අපි ඉතා වියවුල්ව සිටිමුව යන ළතෝනි හඬක් සියොන් කෙරෙන් ඇසුණේය.


නුඹේ දුෂ්ටකම නුඹට දඬුවම්කරන්නේය, නුඹේ පසුබටවීම්ද නුඹට අච්චුකරනවා ඇත. එබැවින් නුඹ විසින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අත්හැර සිටින කාරණයද මා කෙරෙහි භය නුඹට නැතිකමද නපුරුවූ තික්තවූ දෙයක් බව බලා දැනගන්නැයි සේනාවල ස්වාමිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.


දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.


එබැවින් සේනාවල ස්වාමීන්වහන්සේද ඉශ්‍රායෙල්ගේ පරාක්‍රමයාණන්වහන්සේද වන ස්වාමීන්වහන්සේ කියනසේක්: අහෝ, මාගේ එදිරිකාරයන්ගෙන් මම නිදහස්වී, මාගේ සතුරන්ගෙන් පළිගන්නෙමි.


නුඹලා අකැමැතිව කැරළිගසන්නහු නම්, කඩුවෙන් මැරුම්කන්නහුය. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මුඛය එය වදාළසේක.


නුඹ පව්කළත් නුඹ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? නුඹේ වරද වැඩිවුණත් නුඹ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?


අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.


ඔව්හු අන් දෙවිවරුන් කරණකොටගෙන උන්වහන්සේ කෝප කළෝය, පිළිකුල් ක්‍රියාවලින් උන්වහන්සේ උදහස් කළෝය.


මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


සත්දෙනෙකු බිහිකළ තැනැත්තී දුර්වලවේ; ඇගේ ප්‍රාණය ඉකුත්විය; ඇගේ ඉර දවාලේදීම බැස ගියේය; ඈ ලජ්ජාවටත් පැමුණුණාය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේදී කඩුවට භාරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


හුළඟ නුඹේ සියලු එඬේරුන් කාදමන්නේය, නුඹේ ප්‍රේමවන්තයෝද වාලට යන්නෝය. එවිට නුඹේ සියලු නපුරුකම් ගැන නුඹ ලජ්ජාවටත් නින්දාවටත් පැමිණෙන්නෙහිය.


නුමුත් නුඹලාට අනතුරු පැමිණෙන ලෙස නුඹලාගේ අත්වැඩවලින් මා කෝපකරවන හැටියට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේ වුණේ ඔවුන්වත් නුඹලාවත් නුඹලාගේ පියවරුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට සේවයකිරීමට සුවඳ දුම් ඔප්පුකරන්ට යාමෙන් මා කෝපකරවන ලෙස ඔවුන් කළාවූ ඔවුන්ගේ නපුරුකම නිසාය.


තවද ශරීරයෙන් තරව සිටින නුඹේ අසල්වාසීන් වන මිසරයන් සමඟ නුඹ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.


අපේ ලජ්ජාවෙහි අපි වැටී ඉඳිමු, අපේ නින්දාවද අප වසාගනීවා. මක්නිසාද අපේ බාල වයසේ පටන් අද දවස දක්වා අපිද අපේ පියවරුද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව පව්කෙළෙමුව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්