Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 6:23 - Sinhala Revised Old Version

23 ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲරය, කරුණාවක් නැත්තෝය; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි; එම්බා සියොන් දුව, නුඹට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් සියලුදෙනා එක්කෙනෙකු මෙන් පේළිගැසී අශ්වයන් පිට නැගී එති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲර ය, නිර්දය වෙති. ඔවුන්ගේ හඬ සමුද්‍ර ඝෝෂාව වැනි ය. එම්බා සියොන් පුරඟන, නුඹට විරුද්ධ ව යුද්ධ කරන්නට ඔව්හු සියලුදෙන එක් කෙනෙකු මෙන් පේළි ගැසී අශ්වයන් පිට නැඟී එති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 6:23
21 හුවමාරු යොමු  

ඔව්හු දුනුවලින් යෞවනයන් කැබලිකරන්නෝය; ඔව්හු ගර්භයේ ඵලයට අනුකම්පා නොකරන්නෝය; ඔවුන්ගේ ඇස දරුවන්ට කරුණා නොකරන්නේය.


ඔව්හු දුනුද හෙල්ලද දරන්නෝය; ඔව්හු කෲරය, කරුණාවක් නොපෙන්වති; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි, ඔව්හු අසුන් පිට නැගීඑති; බබිලොන් දියණිය, ඔව්හු එකෙකු මෙන් නුඹට විරුද්ධව යුද්ධකරන්ට පෙළට සෑදී සිටිති.


නුඹේ සියලුම ප්‍රේමවන්තයෝ නුඹ මතකනැතිකළෝය; ඔවුන් නුඹ ගැන විභාගකරන්නේ නැත. නුඹේ අයුතුකමේ මහත්කම නිසාද නුඹේ පව් වැඩිවූ නිසාද සතුරෙකුගේ පහරවලින්, කෲර කෙනෙකුගේ දඬුවමකින් නුඹට පහරදුනිමි.


ඔවුන්ගේ ඊ කොපුව වනාහි ඇරී තිබෙන මිනීවළක් මෙන්ය, ඔවුන් සියල්ලෝම බලවන්තයෝය.


සියලු නුවරවල වැසියෝ අසරුවන්ගේද දුනුවායින්ගේද ඝෝෂාවට පලාගොස් බැදිවලට ඇතුල්වෙති, පර්වතවලටද නගිති. සියලුම නුවරවල් කිසි මනුෂ්‍යයෙක් ඒවායේ වාසය නොකරන හැටියට අත්හරිනු ලබති.


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


මහල්ලාට ගෞරව නොකරන්නාවූ, බාලයාට අනුකම්පා නොකරන්නාවූ, රෞද්‍ර මුහුණු ඇත්තාවූ,


ඔහු අද දවසේම නොබ්හි රඳන්නේය. ඔහු යෙරුසලම් හෙල වන සියොන් දුවගේ කන්දට විරුද්ධව තමාගේ අත සොලවන්නේය.


අන්න, බොහෝ ජනසමූහයන්ගේ ඝෝෂාවක්! මුහුදුවල ඝෝෂාව මෙන් ඔව්හු ඝෝෂාකරති; ජාතීන්ගේ ගර්ජනාවක්ද ඇසෙන්නේය, බොහෝ ජලවල ගර්ජනාව මෙන් ඔව්හු ගර්ජනාකරති.


තවද ඔවුන් කථාකොට: ඈට විරුද්ධව යුද්ධය පිළියෙළ කරන්න; නැගිටින්න, අපි ඉරමුදුන් වේලාවේදීම නැගීයමුව. අනේ අපට දුක්වේ! මක්නිසාද දවාල පහවන්නේය, සවස් සෙවණැලි දික්වන්නේය.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


මාගේ උදහස නුඹ පිටට වගුරුවා, මාගේ කෝපය නැමති ගින්නෙන් නුඹට පිඹ, රෞද්‍රවූ, විනාශ කිරීමට දක්ෂවූ මනුෂ්‍යයන් අතට නුඹ පාවාදෙන්නෙමි.


ජාතීන්ට සඳහන්කරන්න; මෙන්න, දුර දේශයකින් රැකවලුන් ඇවිත් යූදාහි නුවරවලට විරුද්ධව තමුන්ගේ හඬ පවත්වන බව යෙරුසලමට විරුද්ධව ප්‍රකාශකරන්න.


දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය.


සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, විපත්තිය ජාතියෙන් ජාතියට යන්නේය, මහත් කුණාටුවක් පොළොවේ ඉතා දුර තැන්වලින් නගින්නේය.


අන්න, උතුරෙන් සෙනඟක් එන්නේය; මහත් ජාතියක්ද බොහෝ රජවරුද පොළොවේ ඉතා දුර සීමාවලින් නැගිට එන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්