Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 6:20 - Sinhala Revised Old Version

20 ෂෙබායෙන් කට්ටකුමංචල්ද දුර දේශයකින් මිහිරි සුවඳ දඬුද මට ගෙනෙන්නේ කුමටද? නුඹලාගේ දවන පූජා මට ප්‍රසන්න නැත, නුඹලාගේ යාගද මට ප්‍රිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 ෂෙබායෙන් කට්ටකුමංජල් ද දුර දේශයකින් හඳුන්කූරු ද මට ගෙනෙන්නේ කුමට ද? නුඹලාගේ දවන යාග පූජා මට ප්‍රසන්න නැත. නුඹලාගේ යාග ද මට ප්‍රිය නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 6:20
24 හුවමාරු යොමු  

නුඹලාගේ පූජා රාශියෙන් මට කම් කිම්දැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මුළු බැටළු පූජාවලින්ද තරකළ සතුන්ගේ තෙලින්ද පිරී සිටිමි; ගොනුන්ගෙත් බැටළුවස්සන්ගෙත් එළුවන්ගෙත් ලෙයට මම ප්‍රසන්න නොවෙමි.


ඔටු සමූහයකින්ද මිදියන් සහ ඒපාහි තරුණ ඔටුවන්ගෙන්ද නුඹේ ස්ථානය පිරෙන්නේය; ෂෙබායෙන් ඔවුන් සියල්ලන් එනවා ඇත. ඔවුන් රන්ද කට්ටකුමංචල්ද ගෙනවුත් ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසා ප්‍රකාශකරනවා ඇත.


ඔබ පූජාවටත් පඬුරටත් ප්‍රසන්න නැත; ඔබ මාගේ කන් පෑදූසේක. ඔබ දවන පූජා සහ පාප පූජා වුවමනා නොකළසේක.


ගොනෙකු මරන අය මනුෂ්‍යයෙකු මරන්නෙකු මෙන් වේ; බැටළු වස්සෙකු පූජාකරන අය බල්ලෙකුගේ බෙල්ල කඩන අය මෙන් වේ; ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නෙකු මෙන් වේ; කට්ටකුමංචල් දවන අය පිළිමයකට බුහුමන් කරන අය මෙන් වේ. එසේය, ඔව්හු තමුන්ගේම මාර්ග තෝරාගත්තෝය, ඔවුන්ගේ ආත්මයද ඔවුන්ගේ පිළිකුල්වලට ප්‍රියවේ.


ශුද්ධ ස්ථානයේ ෂෙකෙල් මිලයේ හැටියට ෂෙකෙල් පන්සියයක වෑස්සෙන ගන්ධ රසද එයින් ගණනින් භාගයක් වන දෙසියපනසක සුවඳැති කුරුඳුද දෙසියපනසක සුවඳ දඬුද,


ෂෙබා සහ රාමාහි වෙළෙන්දෝ නුඹේ වෙළෙන්දෝව සිට නුඹ සමඟ සියලු ආකාර උතුම් සුවඳ ද්‍රව්‍යද සියලු ආකාර අනර්ඝ ගල්ද රන්ද ගනුදෙනුකළෝය.


එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.


ඔබගේ ක්‍රියා කොපමණ භයංකරද! ඔබගේ බලයේ මහත්කම නිසා ඔබගේ සතුරෝ ඔබට යටත්වන්නෝය.


තවද ඈ රන් තලෙන්ත එකසිය විස්සක්ද සුවඳ ද්‍රව්‍ය මහත් රාශියක්ද අනර්ඝ ගල්ද රජුට දුන්නාය. ෂෙබාහි බිසව සාලමොන් රජුට දුන් ඒ සුවඳ ද්‍රව්‍ය තරම් සුවඳ ද්‍රව්‍ය තවත් නොලැබුණේය.


දුෂ්ටයන්ගේ පූජාව ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් ඇද නැත්තන්ගේ යාච්ඤාවට උන්වහන්සේ ප්‍රසන්නය.


දුෂ්ටයාගේ පූජාව පිළිකුලක්ය; ඔහු එය ප්‍රයෝග සිතින් ගෙනෙන විට කොපමණ වැඩියෙන් එසේ නොවන්නේද?


ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.


ඔවුන් නිරාහාරව සිටින කල මම ඔවුන්ගේ කන්නලව්ව නොඅසන්නෙමි; ඔවුන් දවන පූජාවද ආහාර පූජාවද ඔප්පුකරන විටත් මම ඒවා පිළිනොගෙන, කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන් විනාශකරන්නෙමියි කීසේක.


මට ඔප්පු කරන පූජාවල් ලෙස ඔව්හු මස් පූජාකොට කති; එහෙත් ස්වාමීන්වහන්සේ ඔවුන් පිළි නොගන්නාසේක. උන්වහන්සේ දැන් ඔවුන්ගේ අයුතුකම සිහිකොට, ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනසේක; ඔවුන් මිසරයට හැරීයනවා ඇත.


ඔවුන් මුද්‍රිකපානය ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි වගුරුවන්නේවත් ඔවුන්ගේ පූජාවලට උන්වහන්සේ ප්‍රසන්නවන්නේවත් නැත. ඒවා ඔවුන්ට ශෝකයේ ආහාර මෙන් වන්නේය; ඒවා කන සියල්ලෝම අපවිත්‍රවන්නෝය. මක්නිසාද ඔවුන්ගේ කෑම ඔවුන්ගේ බඩගින්න නිසා පමණක්ය; ඒවා ස්වාමීන්වහන්සේගේ ගෘහයට නොපැමිණෙන්නේය.


අබ්සලොම් පූජා ඔප්පුකරන අතර දාවිත්ගේ මන්ත්‍රියෙක්වූ ගීලොනිය අහිතොපෙල් ඔහුගේ නුවරවූ ගීලොයෙන් ගෙන්වාගත්තේය. මෙසේ කුමන්ත්‍රණය බලවත් වී සෙනඟ වඩ වඩා අබ්සලොම්ට එකතුවුණෝය.


අනේ නුඹලා මාගේ පූජාසනය පිට නිෂ්ඵලලෙස ගිනි නොදල්වන පිණිස දොරවල් වසාතබන කෙනෙක් නුඹලා අතරේ ඇත්නම් හොඳය! නුඹලා කෙරේ මට ප්‍රසන්නයක් නැත, නුඹලාගේ අත්වලින් පූජාවක් මා විසින් පිළිගන්නෙත් නැතැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්