Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 6:15 - Sinhala Revised Old Version

15 ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජාවූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනවා ඇත. මා විසින් ඔවුන්ට දඬුවම්කරන කාලයෙහි ඔව්හු පැකිල වැටෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 6:15
29 හුවමාරු යොමු  

ඔව්හු පිළිකුල් දේ කළ නිසා ලජ්ජා වූවෝද? නැත, ඔවුන් කොහෙත්ම ලජ්ජාවුණේවත් ඔවුන්ට නින්දාව දැනුණේවත් නැත. එබැවින් වැටෙන්නන් අතරෙහි ඔවුන් වැටෙනවා ඇත. ඔවුන්ට දඬුවම් පැමිණෙන කාලයෙහි ඔවුන් පැකිල වැටෙනවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හු නිකම් සිටිත්වා. ඔව්හු මග පෙන්වන අන්ධයෝය. අන්ධයෙක් අන්ධයෙකුට මග පෙන්වමින් යතොත් දෙදෙනාම වළක වැටෙනවා ඇතැයි කීසේක.


ඒ නිසා වැහිවලා නැවතුණේය, අන්තිම වර්ෂාවද නොආයේය; එහෙත් නුඹ වේශ්‍යාවෙකුගේ නළල ඇතුව, කිසි ලජ්ජාවක් නැතුව සිටියෙහිය.


ඔවුන්ගේ කෙළවර විනාශයය, ඔවුන්ගේ දෙවියෝ බඩය, ඔවුන්ගේ පාරට්ටුව නම් තමුන්ගේ ලජ්ජාව ගැනය. ඔවුන් සලකන්නේ ලෝක දේවල්ය.


ඈ තුළ ස්වාමීන්වහන්සේ ධර්මිෂ්ඨව සිටිනසේක; උන්වහන්සේ අධර්මිෂ්ඨකම නොකරනසේක; නොවරදවා උදයක් පාසා උන්වහන්සේ තමන්ගේ විනිශ්චය එළියට ගෙනෙනසේක; නුමුත් අධර්මිෂ්ඨයාට ලජ්ජාව නොදැනෙයි.


ඔවුන්ගෙන් වඩා හොඳ අය කටුගසක් වාගේය. වඩා අවංක අයද කටු වැටකට වඩා නරකය. නුඹේ මුරකාරයන් විසින් කීවාවූ නුඹේ දඬුවමේ දවස පැමිණ තිබේ; දැන් ඔවුන්ගේ වියවුල්කම වන්නේය.


නුඹලා එසේ කරන බැවින් දර්ශනයක් නැතුව නුඹලාට රෑවෙනවා ඇත; පේනකීමක් නැතුව නුඹලාට අන්ධකාරවෙනවා ඇත; අනාගතවක්තෘවරුන්ට ඉර බසිනවා ඇත, දවාලද ඔවුන්ට උඩින් කළුවරවෙනවා ඇත.


දඬුවම්කිරීමේ දවස් පැමිණ තිබේ, ප්‍රතිඵල දීමේ දවස් පැමිණ තිබේ; ඉශ්‍රායෙල් ඒක දැනගන්නවා ඇත. ප්‍රොපේත තෙම අඥානයෙක්ය, ආත්මය ඇති මනුෂ්‍යයා උමතු කෙනෙක්ය. (මෙසේ වන්නේ) නුඹේ අයුතුකමේ මහත්කමද එදිරිකාරකමේ අධිකකමද නිසාය.


මක්නිසාද ඇගේ ලේ ඈ ඇතුළෙහි ඇත්තේය; ඈ ඒවා පස්වලින් වැසීයන්ට පොළොව පිට වගුරුවන්නේ නැතුව පස් නැති පර්වතය උඩ තැබුවාය.


තද මුහුණුද දැඩි සිත්ද ඇති පුත්‍රයන් වන ඔවුන් වෙතට නුඹ යවමි; නුඹද: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න.


එබැවින් ඔවුන්ගේ මාර්ගය අඳුරේ ලිස්සන සුළු ඒවා මෙන් ඔවුන්ට වන්නේය. ඔව්හු පන්නනු ලැබ වැටෙන්නෝය. මම ඔවුන් පිටට විපත්තිය, එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ අවුරුද්ද, පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ කාරණා නිසා මම දඬුවම් නොකරන්නෙම්ද? මෙවැනි ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


මේ කාරණා නිසා මම දඬුවම් නොකර සිටින්නෙම්ද? මෙබඳු ජාතියකින් මාගේ ආත්මය පළි නොගන්නේදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන් හිරකාරයන් යටතෙහි පහත්වී මැරුම්කෑවුන් අතරේ වැටෙනවා ඇත. මේ සියල්ල වූ නුමුත් උන්වහන්සේගේ උදහස පහ නොවී උන්වහන්සේගේ හස්තය තවම දිගුකර තිබේ.


ඔවුන්ගේ මුහුණේ පෙනීම ඔවුන්ට විරුද්ධව සාක්ෂිදෙයි; සොදොම මෙන් ඔව්හු තමුන්ගේ පාපය නොසඟවා ප්‍රකාශකෙරෙති. ඔවුන්ගේ ආත්මයට දුක් වේ! මක්නිසාද ඔව්හු තමුන්ටම අනතුරුකරගත්තෝය.


බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.


දැන් නුඹ ගොස් මා විසින් නුඹට කී ස්ථානයට සෙනඟ ගෙනයන්න. බලව, මාගේ දූතයා නුඹට පෙරටුව යන්නේය, එහෙත් මා විසින් ප්‍රතිඵල දෙන දවසේදී ඔවුන්ගේ පාපය ගැන ඔවුන්ට දඬුවම් කරන්නෙමියි මෝසෙස්ට කීසේක.


ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?


නුමුත්, ස්වාමීන්වහන්ස, මා මරන්ට මට විරුද්ධව ඔවුන් යොදන සියලු කුමන්ත්‍රණ ඔබම දන්නාසේක; ඔවුන්ගේ අයුතුකම කමා නොකළ මැනව, ඔවුන්ගේ පාපයද ඔබගේ ඇස් හමුයෙන් නොමැකුව මැනව. ඔබ ඉදිරියෙහි ඔව්හු පැකිල වැටෙත්වා; ඔබගේ උදහස් කාලයේදී ඔවුන්ට ප්‍රතිඵල දුන මැනව.


ඔවුන් අද දවස දක්වාම යටත්වුණේවත් භයවුණේවත් මා විසින් නුඹලා සහ නුඹලාගේ පියවරුන් ඉදිරියෙහි තැබූ මාගේ ව්‍යවස්ථාවේද නියෝගවලද ප්‍රකාරයට හැසුරුණේවත් නැත.


මෙසේ නුඹලා පදම් නොකළ බදාම ගෑවාවූ තාප්පය මම කඩාදමා, එහි අත්තිවාරම පෙනෙන හැටියට එය බිම හෙලන්නෙමි. ඒක වැටෙනවා ඇත, නුඹලාද ඊට යටවී නාස්තිවෙනවා ඇත; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව නුඹලා දැනගන්නහුය.


එම්බා ලජ්ජා නැති ජාතිය, නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද,


ඒ කාලයේදී අනාගතවක්තෘවරුන් අනාගතවාක්‍ය කියන විට එකිනෙකා තම තමාගේ දර්ශනය ගැන ලජ්ජාවෙනවා ඇත; රවටන පිණිස ඔවුන් රෝමමය සළුවක් අඳින්නෙත් නැත.


පසුවදා වැඩිමහල් තැනැත්තී බාල තැනැත්තියට කථාකොට: බලව, ඊයේ රාත්‍රියේ මාගේ පියා සමඟ මම සයනයකෙළෙමි. අද රාත්‍රියෙහිත් අප විසින් ඔහුට මුද්‍රිකපානය පොවා අපේ පියාගෙන් වංශය රක්ෂාකරගන්නා පිණිස නුඹත් ඇතුල්ව ඔහු සමඟ සයනය කරන්නැයි කීවාය.


එබැවින්, මා විසින් නොඑවූ නුමුත් මාගේ නාමයෙන් අනාගතවාක්‍ය කියන්නාවූ–කඩුවවත් සාගතයවත් මේ දේශයට නොපැමිණෙන්නේයයි කියන්නාවූ අනාගතවක්තෘවරුන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: කඩුවෙනුත් සාගතයෙනුත් ඒ අනාගතවක්තෘවරුම නැතිවන්නෝය.


එබැවින් නුඹ දවාලේ වැටෙනවා ඇත, අනාගතවක්තෘද නුඹ සමඟ රාත්‍රියේදී වැටෙනවා ඇත; නුඹේ මෑණියන්ද නාස්තිකරන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්