Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 52:7 - Sinhala Revised Old Version

7 එවිට නුවර බිඳිනු ලැබීය, සියලු යුද්ධකාරයෝ වනාහි කල්දිවරුන් නුවරට විරුද්ධව වටකර සිටියදී, රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියෙහි නුවරින් පිටත්වී, අරබා සමභූමි මාර්ගයෙන් පලාගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට නගරයේ පවුරු බිඳිනු ලැබී ය. බබිලෝනිවරුන් නගරය වටලාගෙන සිටිය දී හේවායෝ සියලු දෙන රාත්‍රි කාලයේ ගැළවී යන්නට උත්සාහ කළෝ ය. ඔව්හු රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් පිටත් වී අරබා සමභූමි මාර්ගයෙන් ජොර්දාන් මිටියාවත දෙසට පලා ගියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 52:7
17 හුවමාරු යොමු  

බබිලෝනියේ රජුට දන්වන පිණිස පණිවිඩකාරයෙකුගේ පෙරමගට පණිවිඩකාරයෙක්ද දැනුම්දෙන අයගේ පෙරමගට දැනුම්දෙන අයෙක්ද දුවනවා ඇත


එකල නුවර අසුවී කල්දිවරුන් නුවර වටකර සිටිද්දී, සියලු යුද්ධකාරයෝ රජ උයන ළඟ පවුරු දෙකට අතරේ තිබෙන දොරටුවෙන් රාත්‍රියේ පලාගියෝය. රජ අරබා සමභූමි පාරෙන් ගියේය.


එබැවින් ඒ දවසේදී ඇගේ යෞවනයෝ එහි වීථිවල වැටෙන්නෝය, එහි සියලු යුද්ධකාරයෝද නිශ්ශබ්ද කරනු ලබන්නෝයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?


ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.


නුඹලාගෙන් ඉතුරුවෙන්නන් ගැන නම්, මම ඔවුන්ගේ සතුරන්ගේ දේශවලදී ඔවුන්ගේ සිත්වලට ක්ලාන්තභාවයක් පමුණුවන්නෙමි. සැලෙන කොළයක ශබ්දයට ඔව්හු දුවන්නෝය; කඩුව ඉදිරියෙන් යමෙක් පලායන්නාක් මෙන් ඔව්හු පලා ගොස් කිසිවෙකු ඔවුන් නොඑළවන කල වැටෙන්නෝය.


මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.


බලව, මම අණකොට මේ නුවර කරා නැවත ඔවුන් ගෙනෙන්නෙමි; ඔව්හු ඊට විරුද්ධව යුද්ධකොට, ඒක අල්ලා, ගින්නෙන් දවාදමන්නෝය. වැසියෙක් නොසිටින ලෙස මම යූදාහි නුවරවල් පාළුවක් කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ශෙදෙකියාගේ එකොළොස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ නවවෙනිදා නුවර පවුර බිඳිනලද්දේය.


ඔවුන් අතරේ සිටින අධිපතියාද බඩු කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට එනවා ඇත. පිටතට ගෙනෙන පිණිස ඔවුන් පවුර හාරනවා ඇත. ඔහු තමාගේ ඇස්වලින් බිම නොදකින පිණිස තමාගේ මුහුණ වසා ගන්නවා ඇත.


අපේ වහල්කමේ දොළොස්වෙනි අවුරුද්දේ දසවෙනි මාසයේ පස්වෙනිදා යෙරුසලමෙන් ගැළවුණු කෙනෙක් මා ළඟට ඇවිත්: නුවර අසුවුණායයි කීය.


නුඹලා කපොලුවලින් එක එකා තම තමා ඉදිරිපිටින් පිටත්ව යන්නහුය; නුඹලා හාර්මොන්ට විසිකරනු ලබන්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


නැගිටින්න, අපි රාත්‍රියෙහි ගොස් ඇගේ මාළිගා විනාශකරමුයයි කියනවා ඇත.


නුඹේ බඩු මාර්ගෝපකරණ මෙන් දවාලෙහි ඔවුන් බලාසිටියදී පිටතට ගෙන, මිනිසුන් වහල්කමට පිටත්ව යන්නාක්මෙන් සවස ඔවුන් බලාසිටියදී පිටත්වෙන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්