Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 52:3 - Sinhala Revised Old Version

3 මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමනතුරු උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවිය. ශෙදෙකියාද බබිලෝනියේ රජුට විරුද්ධව කැරළිගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ජෙරුසලම හා ජුදාව සමිඳාණන් වහන්සේ බොහෝ සේ කෝප කළ බැවින් උන් වහන්සේ ඔවුන් තමන් අබිමුවෙන් පන්නා දැමූ සේක. ශෙදෙකියා ද බබිලෝනියාවේ රජුට විරුද්ධ ව කැරලි ගැසුවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 52:3
19 හුවමාරු යොමු  

බලව, සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ යෙරුසලමෙන්ද යූදා රටෙන්ද රුකුලත් යෂ්ටියත් පහකරනසේක. එනම් මුළු ආහාරපාන වෘත්තියද;


තවද ඔහු දෙවියන්වහන්සේගේ නමින් ඔහු දිවුරෙවු නෙබුකද්නෙශර් රජුට විරුද්ධව කැරළිගැසුවේය. ඔහු ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙතට නොහැරෙන ලෙස තමාගේ කුළල තදකරගන තමාගේ සිත දැඩිකරගත්තේය.


මම මිසරවරුන් කෲර ස්වාමියෙකුගේ අතට භාරදෙන්නෙමි; බලාත්කාරවූ රජෙක් ඔවුන් කෙරෙහි ආණ්ඩුකරනවා ඇතැයි සේනාවල ස්වාමීන්වහන්සේ වන ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා දේශය, නුඹේ රජ බාලයෙක්ව සිටින විටද, නුඹේ අධිපතීන් උදෑසනම කෑම කන විටද, නුඹට දුක් වේ!


දේශයක කැරළිකාරකම නිසා එහි අධිපතියෝ බොහෝ වෙති; එහෙත් තේරුම සහ දැනගැන්ම ඇති මනුෂ්‍යයන් කරණකොට එය බොහෝ කල් පවතින්නේය.


ඉශ්‍රායෙල් සිංහාසනය පිට ඔබ හිඳුවන පිණිස ඔබ කෙරෙහි ප්‍රසන්න වුණාවූ ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ සෑමකල්හිම ඉශ්‍රායෙල්ට ප්‍රේමකළ බැවින් විනිශ්චයත් යුක්තියත් ඉෂ්ටකරන්ට උන්වහන්සේ ඔබ රජකොට පත්කළසේකැයි රජුට කීවාය.


නැවත ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවුළුණේය. උන්වහන්සේද: ගොස් ඉශ්‍රායෙල්වරුන්ද යූදාවරුන්ද ගණන්කරන්නැයි කියමින් දාවිත් ඔවුන්ට විරුද්ධව පෙළෙඹවුසේක.


බැලුව මැනව, ඔබවහන්සේ අද දවසෙහි භූමිතලයෙන් මා එළෙවුසේක; මමද ඔබවහන්සේ ඉදිරියෙන් සැඟවෙන්නෙමි; පොළොවෙහි පලායන්නෙක්ද තැනින් තැන යන්නෙක්ද වන්නෙමි; තවද මා සම්බවෙන කවරෙක් නුමුත් මා මරන්නේයයි කීය.


කායින් ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් පිටත්ව ගොස් ඒදනෙන් පෙරදිග නොද් දේශයෙහි වාසය කෙළේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔවුන් තමන් ඉදිරියෙන් පහකරදමන තරමට උන්වහන්සේගේ උදහස නිසා යෙරුසලමටත් යූදාටත් මෙසේ සිද්ධවුණේය.


මම නුඹලාගේ සියලු සහෝදරයන් වන මුළු එප්‍රායිම් වංශය අහක දැමුවාක්මෙන් නුඹලාත් මා ඉදිරියෙන් අහක දමන්නෙමි.


එකල ස්වාමීන්වහන්සේ මට මෙසේ කීසේක: මෝසෙස් සහ සාමුවෙල් මා ඉදිරියෙහි සිටියත් මාගේ සිත මේ සෙනඟ දෙසට හැරෙන්නේ නැත. ඔවුන් පිටතට යන පිණිස මා ඉදිරියෙන් හරින්න.


ඒ නිසා ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ඉතා උදහස්වී තමන්ගේ ඇස් හමුයෙන් ඔවුන් පහකළසේක. ඉතුරුවුණේ යූදා ගෝත්‍රය පමණක්ය.


ස්වාමීන්වහන්සේද මුළු ඉශ්‍රායෙල් වංශය අත්හැර, ඔවුන්ට පීඩාකොට, ඔවුන් තමන්ගේ ඇස් හමුයෙන් අහක්කරදමන තුරු කොල්ලකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.


මෙසේ ඉශ්‍රායෙල්වරු තමුන්ගේ දේශයෙන් අෂූර්ට ගෙනයන ලදුව අද දක්වා එහි සිටිති.


මෙසේ ඔබ ලේකම් පොතෙහි සොයා බැලුවොත් මේ නුවර කැරළිකාරවූ, රජවරුන්ටත් රටවලටත් අලාභකරන්නාවූ නුවරක් බවත්, පුරාණ කාලයේ පටන් එහි ද්‍රෝහිකම් උපදවනලද බවත්, එම කාරණය නිසා ඒ නුවර නාස්තිකරනලද බවත් ඔබට දැනගන්ට ලැබෙනවා ඇත.


යුද්ධයට නුවණත් බලයත් ඇතැයි යන නුඹේ කීම හිස් වචනය. ඉතින් නුඹ මට විරුද්ධව කැරළිගැසුවේ කා කෙරෙහි විශ්වාස කරගෙනද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්