Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:25 - Sinhala Revised Old Version

25 ස්වාමීන්වහන්සේ තමන්ගේ ගබඩාව ඇර, තමන්ගේ කෝපයේ ආයුධ එළියට ගත්සේක. මක්නිසාද කල්දිවරුන්ගේ දේශයෙහි ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ විසින් කරන්ට වැඩක් තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි. මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 මහෝත්තම දෙවි ස්වාමීන් වන මම ම මාගේ ගබඩා හැර මාගේ කෝපය නමැති ආයුධ එළියට ගත්තෙමි. මන්ද, සව් බලැති දෙවි ස්වාමීන් වන මට බබිලෝනිය සම්බන්ධයෙන් යම් කාර්යයක් කරන්නට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:25
17 හුවමාරු යොමු  

මක්නිසාද ස්වාමීන්වහන්සේ බබිලෝනිය නාස්තිකරනසේක, එතනින් මහත් ශබ්දයද නැතිකරනසේක; ඔවුන්ගේ රැළවල් මහත් ජලයන් මෙන් ඝෝෂාකෙරෙති, ඔවුන්ගේ කෝලාහල ශබ්දය නගියි.


එම්බා මුළු පොළොව නාස්තිකරන්නාවූ නාස්තිකාර කන්ද, මම නුඹට විරුද්ධයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ අත නුඹට විරුද්ධව දිගුකොට, පර්වතවලින් නුඹ පෙරළා දමා, දාලාගිය කන්දක් කරන්නෙමි.


ඈට විරුද්ධව වටකරින් ඝෝෂාකරන්න; ඈ යටත්වූවාය; ඇගේ ප්‍රාකාර වැටුණේය, ඇගේ පවුරුද කඩාදමනලද්දේය. මක්නිසාද එය ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය; ඇගෙන් පළිගෙන, ඈ කළ හැටියට ඈට කරන්න.


එබැවින් මරණයද ශෝකයද සාගතයද යන ඇගේ පීඩා එක දවසේම පැමිණෙන්නේය; ඈ සහමුලින් ගින්නෙන් දවනු ලබන්නීය; මක්නිසාද ඈ විනිශ්චයකළ ස්වාමිවූ දෙවියන්වහන්සේ බලවත්ව සිටිනසේක.


යම් නුවරක හොරණෑව පිම්බාම සෙනඟ භය නොවන්නෝද? ස්වාමීන්වහන්සේ නොපැමිණෙවු විපත්තියක් නුවරක ඇත්තේද?


නුඹ මාගේ යුද්ධ කෙටේරිය හා යුද්ධායුධය. මම නුඹ ලවා ජාතීන් පොඩි කරවා, රාජ්‍යයන් නටබුන්කරවන්නෙමි;


ඔබගේ ඊගස් තියුණුය; මනුෂ්‍ය වර්ගයෝ ඔබට පරාජයව වැටෙති, රජුගේ සතුරන්ගේ හෘදයට ඒවා ඇනී තිබේ.


බලවන්තයාණෙනි, ඔබගේ තේජස හා මහිමය නමැති කඩුව ඉඟටියෙහි බැඳගත මැනව.


සම්බවෙන එකිනෙකා ඇනුම් කනවා ඇත; අසුවෙන එකිනෙකා කඩුවෙන් වැටෙනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්