Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:12 - Sinhala Revised Old Version

12 නුඹලාගේ මවු ඉතා ලජ්ජාවන්නීය; නුඹලා බිහිකළ තැනැත්තී නින්දාවට පත්වන්නීය; බලව, ඈ ජාතීන්ගෙන් ඉතා පහත් තැනැත්තීද කාන්තාරයක්ද වියළි භූමියක්ද මරුකතරක්ද වන්නීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත. ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය. එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 නුඹලාගේ මවුබිම දැරිය නොහැකි නින්දාවටත්, අපවාදයටත් පාත්‍ර වී ඇත. ජාතීන් අතරෙන් බබිලෝනිය ඉතා පහත් ජාතිය වන්නේ ය. එය වතුර නැති වියළි බිමක් ද පාළුකරයක් ද මරුකතරක් ද වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:12
17 හුවමාරු යොමු  

ඇගේ නුවරවල් පාළුවක්ද වියළි භූමියක්ද මරුකතරක්ද කිසි මනුෂ්‍යයෙක් වාසය නොකරන්නාවූ, කිසි මනුෂ්‍ය පුත්‍රයෙක් ගමන් නොකරන්නාවූ දේශයක්ද වී තිබේ.


ඇගේ නළල පිට: රහසක්ය, මහා බබිලෝනියය, පොළොවේ වේශ්‍යාවන්ගේද පිළිකුල්කම්වලද මවුය යන නාමයක් ලියා තිබුණේය.


නුමුත් ඉහළ තිබෙන යෙරුසලම නිදහස්ය, ඈ අපගේ මවුය.


එබැවින් අම්මොන් පුත්‍රයන්ගේ රබ්බාහි යුද්ධ ඝෝෂාවක් ඇසෙන්ට මා විසින් සලස්වන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඒක පාළුවූ ගොඩක් වන්නේය, ඊට අයිති ගම්ද ගින්නේ දවා දමනු ලබන්නේය. ඉශ්‍රායෙල්ද තමුන්ගේ දේශය හිමිකරගත් අයගේ දේශය හිමිකරගන්නවා ඇතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එකිනෙකාට සමීපව සිටින්නන් සහ දුරුව සිටින්නන් වන උතුරු දිශාවේ සියලු රජුන්ටත්, පොළොව මතුපිට තිබෙන ලෝකයේ සියලු රාජ්‍යවලටත් පෙවුවෙමි. මොවුන්ට පසුව ෂේෂක්හි රජ බොනවා ඇත.


තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


කල්දිවරුන්ගේ දේශය බලනු; ඒ සෙනඟ තවත් නැත. අෂූර්වරුන් විසින් ඒක වන මෘගයන්ට නියමකරනලද්දේය. ඔව්හු තමුන්ගේ බලකොටු ගොඩනගා, එහි මාළිගාවල් නාස්තිකරදමා, එය ජරාවාසයක් කළෝය.


සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: මම ඔවුන්ට විරුද්ධව නැගිටින්නෙමියි කියනසේක. බබිලෝනියෙන් නාම මාත්‍රයද ඉතිරි අයද දරුමුනුබුරන්ද සිඳදමන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,


සත්දෙනෙකු බිහිකළ තැනැත්තී දුර්වලවේ; ඇගේ ප්‍රාණය ඉකුත්විය; ඇගේ ඉර දවාලේදීම බැස ගියේය; ඈ ලජ්ජාවටත් පැමුණුණාය. ඔවුන්ගෙන් ඉතිරි අය ඔවුන්ගේ සතුරන් ඉදිරියේදී කඩුවට භාරදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මක්නිසාද යූදාහි රජුගේ ගෘහය ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ මට ගිලියද් සහ ලෙබනොන් මුදුන වාගේ නුමුත් සැබවින්ම මම නුඹ කාන්තාරයක්ද වැසියන් නැති නුවරවල්ද කරන්නෙමි.


එබැවින් බබිලෝනියේ තිබෙන කැපූ රූපවලට මා විසින් දඬුවම්කරන දවස් පැමිණෙන්නේය, ඇගේ මුළු දේශය ලජ්ජාවට පැමිණෙන්නේය; ඈ තුළ මැරුම්කන සියල්ලෝ ඈ තුළම වැටෙන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්