Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 50:10 - Sinhala Revised Old Version

10 කල්දියාව කොල්ලයක් වන්නීය. ඇගෙන් කොල්ලකන සියල්ලෝම තෘප්තියට පැමිණෙන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 බබිලෝනිය කොල්ලකනු ලැබේ. ඒ දේශයෙන් කොල්ලකන සියල්ලෝ ම තෘප්තියට පැමිණෙන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 බබිලෝනිය කොල්ලකනු ලැබේ. ඒ දේශයෙන් කොල්ලකන සියල්ලෝ ම තෘප්තියට පැමිණෙන්නෝ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 50:10
12 හුවමාරු යොමු  

තවද සැත්තෑ අවුරුද්දක් සම්පූර්ණවූ පසු මම බබිලෝනියේ රජුටත් ඒ ජාතියටත් කල්දිවරුන්ගේ දේශයටත් ඔවුන්ගේ අයුතුකම් නිසා දඬුවම් පමුණුවා, ඒ දේශය සදාකාල පාළු තැනක් කරන්නෙමි.


නුඹ දුටු අං දසයද මෘගයාද වේශ්‍යාවට වෛරවී, ඈ පාළුද නග්නද කර, ඇගේ මාංස කා, ඈ සහමුලින් ගින්නෙන් දවන්නෝය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


නුඹේ නම කියා නුඹ කැඳවාගන්නේ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම බව නුඹ දැනගන්න පිණිස අන්ධකාරයේ වස්තුද රහස් තැන්වල නිධානද නුඹට දෙන්නෙමි.


නුඹේ යොත් බුරුල්වී තිබේ; ඒවායින් කුඹගහ කෙළින් හිටවන්ටවත් රුවල විදහන්ටවත් නුපුළුවන්විය. එවිට මහත් කොල්ලයක් බෙදාගන්නාලද්දේය;


දළඹුවා එකතුකරන්නාක්මෙන් නුඹලාගෙන් කොල්ලය එකතුකරනු ලබන්නේය. පළඟැටියන් පනින්නාක්මෙන් ඔව්හු ඒ පිටට පනින්නෝය.


ඉතා දුර සීමාවේ සිටම ඈ ළඟට ඇවිත්, ඇගේ ගබඩාවල් ඇර, ගොඩැලි මෙන් ඈ ගොඩකර, ඈට කිසිවක් ඉතිරි නොකර, ඈ සිඳදමන්න.


මෙසේ මම බබිලෝනියට සහ කල්දියාවේ සියලු වැසියන්ට නුඹලාගේ ඇස් හමුයේ සියොන්හිදී ඔවුන් විසින් කළාවූ සියලු නපුරුකම් ගැන ප්‍රතිඵල දෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මටත් මාගේ මාංශයටත් කළ බලාත්කාරය බබිලෝනිය පිටට පැමිණේවයි සියොන්හි වැසියා කියනවා ඇත; මාගේ ලේ කල්දියාවේ වැසියන් පිටට පැමිණේවයි යෙරුසලමද කියනවා ඇත.


එවිට ආත්මය මා ඔසවා කල්දියාවෙහි වහල්ව සිටියවුන් ළඟට දෙවියන්වහන්සේගේ ආත්මය කරණකොටගෙන දර්ශනයෙන් මා පැමිණෙවුවේය. මෙසේ මා දුටු දර්ශනයද මා වෙතින් නැගී ගියේය.


කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටටත් ඔවුන්ගේ රථ පිටටත් ඈ තුළ සිටින මිශ්‍රවූ මුළු සේනාව පිටටත් පැමිණ, ඔවුන් ස්ත්‍රීන් මෙන් වෙනවා ඇත. කඩුවක් ඇගේ වස්තු පිටට පැමිණ, ඒවා කොල්ලකනු ලබනවා ඇත.


නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්