Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 5:26 - Sinhala Revised Old Version

26 මක්නිසාද මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. බලා සිටින පක්ෂි වැද්දන් නැමෙන්නාක් මෙන් ඔව්හු රැක සිටිති; ඔව්හු මලපතක් තබා මනුෂ්‍යයන් අසුකරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 “මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 “මාගේ සෙනඟ අතරේ දුෂ්ටයෝ සිටිති. එබී, නැමී බලා සිටින පක්ෂි වැද්දන් මෙන් ඔව්හු රැක සිටිති. ඔව්හු මලපතක් තබා මිනිසුන් අසු කරගනිති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 5:26
16 හුවමාරු යොමු  

ඔවුන් කථාකොට: අප සමඟ එන්න, ලෙය ගැන රැක සිට, නිකරුණේ නිර්දෝෂ අය ගැන සැඟවී සිටිමු;


ඔබ හදිසියෙන් සේනාවක් ඔවුන්ට විරුද්ධව පමුණුවන කල ඔවුන්ගේ ගෙවලින් කෑගැසීමක් ඇසේවා. මක්නිසාද ඔවුන් මා අසුකරන්ට වළක් හාරා, මාගේ පාදවලට මලපත් සඟවා තැබුවෝය.


ඔව්හු නපුරු කාරණයෙක්හි තමුන්ම ධෛර්යකරගනිති; මලපත් සඟවා තැබීම ගැන කථාකෙරෙති; ඒවා පෙනෙන්නේ කාටදැයි ඔව්හු කියති.


සීමොන්ගේ හවුල්කාරයෝවූ සෙබදීගේ පුත්‍රවූ යාකොබ්ද යොහන්ද එසේම විස්මිතවූවෝය. යේසුස්වහන්සේ: භයනොවන්න, මෙතැන් පටන් නුඹ මනුෂ්‍යයන් අල්ලනවා ඇතැයි සීමොන්ට කීසේක.


මක්නිසාද මාගේ සෙනඟ අඥානය, ඔව්හු මා නොහඳුනති; ඔව්හු මෝඩ දරුවෝය, ඔවුන්ට කිසි තේරුමක් නැත. ඔව්හු නපුර කිරීමට ප්‍රඥාවන්තය, නුමුත් යහපත කරන්ට නොදනිති.


නොනැවතී හයියෙන් මොරගසා, හොරණෑවක් මෙන් නුඹේ හඬ නගා, මාගේ සෙනඟට ඔවුන්ගේ වරදවල්ද යාකොබ්ගේ වංශයට ඔවුන්ගේ පව්ද දන්වන්න.


ප්‍රයෝගකාරයාගේ උපකරණ නපුරුය. දිළින්දා යුක්තිය කථාකරන විට පවා ඔහු බොරු වචනවලින් යටහතුන් විනාශකරන්ට දුෂ්ට උපා යොදන්නේය.


ඔවුන්ගේ දිව මරණයේ ඊගසක්ය; ඒක වංචාව කථාකරයි. යමෙක් සමාදානයෙන් තමාගේ අසල්වාසියාට කටින් කථාකරන නුමුත් සිතින් ඔහු ගැන ප්‍රයෝගයක් යොදයි.


යහපතට නපුර කිරීම යුතුද? මක්නිසාද ඔව්හු මාගේ ප්‍රාණයට වළක් හෑරුවෝය. ඔවුන් කෙරෙන් ඔබගේ කෝපය පහකරන පිණිස ඔවුන් වෙනුවට යහපත කථාකරන්ට මා ඔබ ඉදිරියෙහි සිටිය බව සිහිකළ මැනව.


දුෂ්ටයාගේ ගෙයි දුෂ්ටකමේ වස්තුද පිළිකුල්වූ අඩු ඒඵාවද තවම තිබෙනවාද?


භක්තිවන්තයා දේශයෙන් නැතිවී ගියේය, මනුෂ්‍යයන් අතරේ අවංක කෙනෙක් නැත. ඔවුන් සියල්ලෝම ලේ වගුරුවන පිණිස රැක සිටිති; එක එකා තම තමාගේ සහෝදරයා දැලකින් අසුකරගන්ට යති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්