Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:8 - Sinhala Revised Old Version

8 දෙදාන් වැසියෙනි, දුවන්න, හැරී දුරස්තරයටම ගොස් වාසයකරන්න; මක්නිසාද ඒසව්ගේ විපත්තිය, එනම් මා ඔහුට දඬුවම්කරන කාලය ඔහු පිටට පමුණුවමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 දෙදාන් වැසියෙනි, දුවන්න; හැරී දුර බැහැරට ම ගොස් වාසය කරන්න. මන්ද, මා විසින් ඒසව්ගේ පරපුරට දඬුවම් කරනු ලබන කාලය පැමිණ තිබෙන බැවින් මම ඔවුන් විනාශ කරදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 දෙදාන් වැසියෙනි, දුවන්න; හැරී දුර බැහැරට ම ගොස් වාසය කරන්න. මන්ද, මා විසින් ඒසව්ගේ පරපුරට දඬුවම් කරනු ලබන කාලය පැමිණ තිබෙන බැවින් මම ඔවුන් විනාශ කරදමමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:8
22 හුවමාරු යොමු  

දෙදාන් සහ තේමාටත් බූස්ටත් තමුන්ගේ ඉසකේ කොන් කපන සියල්ලන්ටත්,


ඈ තුළ සිටින ඇගේ කුලීකාර හේවායොත් තර කරපු වස්සන්ට සමානය; මක්නිසාද ඔව්හු පවා පස්සට හැරී එක්ව පලාගියෝය. ඔවුන්ගේ විපත්ති දවස එනම් ඔවුන්ට දඬුවම්කිරීමේ කාලය ඔවුන් පිටට පැමුණුණු නිසා ඔව්හු නොසිටියෝය.


හාශෝර් වැසියෙනි, දුවන්න, ඈතට පලාගොස් දුරස්තරයෙහි වාසයකරන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් නුඹලාට විරුද්ධව මන්ත්‍රණයක් කරගෙන, නුඹලාට විරුද්ධව යෝජනාවක්ද කර තිබේ.


අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනයය. අහෝ කණ්ඩායම් වශයෙන් ගමන් කරන දෙදාන්වරුනි, අරාබියේ පඳුරු අතරේ නුඹලා නවාතැන් ගන්නවා ඇත.


පොළොවේ රජවරුද උත්තමයෝද සේනාපතියෝද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දාසයෝද කඳුවල ගුහාවලත් පර්වතවලත් සැඟවුණෝය;


ඇගේ සියලු ගොනුන් මරන්න; උන් මැරුම්කෑමට බසිත්වා. ඔවුන්ට දුක්වේ! මක්නිසාද ඔවුන්ගේ දවස වන, ඔවුන්ට දඬුවම්කරන කාලය පැමිණ තිබේ.


ඔවුන්ගේ ඔටුවෝ කොල්ලයක්ද ඔවුන්ගේ ගව සමූහයා ගොදුරක්ද වන්නෝය. හිසකේ කොන් කපාදමන අය මම සියලු දිශාවලට විසුරුවන්නෙමි; එහි සෑම පැතිවලින්ද ඔවුන්ට විනාශය පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


භීතිය ඉදිරියෙන් පලායන්නා වළේ වැටේ; වළෙන් ගොඩට එන්නා මලපතේ අසුවේ. මක්නිසාද ඈට, එනම් මෝවබ්ට, දඬුවම්කරන අවුරුද්ද පමුණුවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අහෝ මෝවබ් වැසියෙනි, නුවරවල් අත්හැර පර්වතවල වාසයකරන්න; ගුහා මුඛයේ පැතිවල කූඩු බඳින පරෙවියා මෙන් වෙන්න.


නුඹලා පලාගොස්, නුඹලාගේ ප්‍රාණ ගළවාගෙන, කාන්තාරයේ රෝතෙම් ගස මෙන් වෙන්න.


බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.


මනුෂ්‍යයෝ නමස්කාරකිරීමට සාදවාගත් තමුන්ගේ රිදී පිළිමද රන් පිළිමද මීයන්ටත් වවුලන්ටත් අත්හැර දමා යන්නෝය.


තමුන් අන්තරායට අසුවී ඉන්න බව ඉශ්‍රායෙල් මනුෂ්‍යයෝ දුටුවෝය. (මක්නිසාද සෙනඟ පීඩිතව සිටියෝය.) එවිට සෙනඟ ගුහාවලද කැලෑවලද පර්වතවලද කොත්වලද වළවල්වලද සැඟවුණෝය.


මිදියන්වරුන්ගේ අත ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ජයගත්තේය. මිදියන්වරුන් නිසා ඉශ්‍රායෙල් පුත්‍රයෝ කඳුවල තිබෙන බිම්ගෙවල්ද ගුහාවල්ද කොටුද සාදාගත්තෝය.


මක්නිසාද මාගේ කඩුව උදහසින් ස්වර්ගයෙහි නෑවී තිබේ. බලව, ඒක විනිශ්චය පිණිස ඒදොම පිටටත් මා විසින් ශාපයට කැපකළාවූ සෙනඟ පිටටත් බසින්නේය.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඒදොම්ට විරුද්ධව මාගේ අත දිගුකොට, එතනින් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමා, තේමාන් පටන් දෙදාන් දක්වා ඒක පාළුවක් කරන්නෙමි; ඔවුන් කඩුවෙන් වැටෙනවා ඇත.


ඒසව්ට අප්‍රියවී, ඔහුගේ කඳු පාළුවක් කෙළෙමි, ඔහුගේ උරුමයද කාන්තාරයේ සිවලුන්ට දුනිමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


අප නටබුන්වී සිටින නුමුත් නාස්ති ඉඩම් නැවත ගොඩනගන්නෙමුයයි ඒදොම් කියන බැවින් සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ඔවුන් ගොඩනගන නුමුත් මම කඩාදමන්නෙමි. ඔවුන්ට: දුෂ්ටකමේ පළාතය කියාද ස්වාමීන්වහන්සේගේ උදහස සෑම කල්ම දරන සෙනඟය කියාද මනුෂ්‍යයෝ කියන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්