Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 49:7 - Sinhala Revised Old Version

7 ඒදොම ගැනය. සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: තේමාන්හි තවත් ප්‍රඥාව නැද්ද? බුද්ධිමත් අය අතරෙන් මන්ත්‍රණය නැතිවීද? ඔවුන්ගේ ප්‍රඥාව පහවගියාද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඒදොම් ගැන සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒදොම්හි නැණනුවණ තවත් නැද් ද? දැනුමැතිකම් දීමේ ශක්තිය නැණවතුන්ට තවත් නැද් ද? ප්‍රඥාව ඔවුන්ගෙන් පහ ව ගොස් ඇද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 49:7
39 හුවමාරු යොමු  

එබැවින් ස්වාමීන්වහන්සේ ඒදොමට විරුද්ධව කරගත් මන්ත්‍රණයද තේමාන්හි වැසියන්ට විරුද්ධව කරගත් උන්වහන්සේගේ යෝජනාද අසන්න. සැබවින්ම ඔවුන් රැළේ කුඩා අය ඇදගන යනවා ඇත; සැබවින්ම උන්වහන්සේ ඔවුන්ගේ වාසස්ථානය ඔවුන් සමඟ පාළුකරනසේක.


ඒදොම් සහ මෝවබ්ටත් අම්මොන් පුත්‍රයන්ටත්,


ඒසව්ගේ කුලුඳුල් පුත්‍රවූ එලිඵස්ගේ පුත්‍රයෝ අධිපතිවූ තේමාන්, අධිපතිවූ ඕමාර්, අධිපතිවූ ශෙපෝ, අධිපතිවූ කෙනස්,


මම ක්ලාන්තව සිටිමි, එබැවින් ඔය රතුපාට කෑමෙන් ටිකක් මට දෙන්නැයි යාකොබ්ට කීය. එබැවින් ඔහුගේ නම ඒදොම් වූයේය.


යෝබ්ගේ යහළුවන් තුන්දෙනා වන තේමානිය එලීපස්ද ෂූහිය බිල්දද්ද නයමාතිය ශෝපර්ද ඔහුට පැමිණි මේ මුළු විපත්තිය ගැන අසා තම තමුන්ගේ ස්ථානවල සිට ආවෝය. ඔහු හා සමඟ ශෝකවී ඔහු සනසන පිණිස එන්ට ඔව්හු තමුන් අතරේ නියමකරගත්තෝය.


එලිඵස්ගේ පුත්‍රයෝ තේමාන්, ඕමාර්, ශෙපෝ, ගයිතාම් සහ කෙනස්ය.


දෙවියන්වහන්සේ තේමාන් සිටද ශුද්ධ තැනන්වහන්සේ පාරාන් කන්දේ සිටද එනසේක. උන්වහන්සේගේ මහිමය ස්වර්ගය වසාගත්තේය, පොළොවද උන්වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරුණේය.


යූදා දරුවන්ගේ දේශයෙහි නිදොස් ලේ වගුරුවා ඔවුන්ට කළ බලාත්කාරකම නිසා මිසරය පාළුවක්ද ඒදොම් පාළු කාන්තාරයක්ද වන්නේය.


ඔහු අලංකාර දේශයටත් ඇතුල්වන්නේය, බොහෝ රටවල්ද වැටෙනවා ඇත. එහෙත් ඒදොම්ද මෝවබ්ද අම්මොන් පුත්‍රයන්ගේ ප්‍රධාන කොට්ඨාසයද ඔහුගේ අතින් ගැළවෙනවා ඇත.


මම කියා ඇර උතුරු දිශාවේ සියලු ජාතීන් ගෙන්වා, මාගේ සේවකයාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ටත් කියා ඇර, මේ දේශය සහ මෙහි වැසියන්ටත් වටකර ඉන්න මේ සියලු ජාතීන්ටත් විරුද්ධව ඔවුන් පමුණුවා, මොවුන් සහමුලින්ම විනාශකොට විස්මයක්ද කවටකමක්ද නිරන්තර පාළුවක්ද කරන්නෙමි.


එකල ඔව්හු කථාකොට: එන්න, අපි යෙරෙමියාට විරුද්ධව උපා යොදමු; මක්නිසාද පූජකයාගෙන් ව්‍යවස්ථාවවත් ප්‍රඥාවන්තයාගෙන් මන්ත්‍රණයවත් අනාගතවක්තෘගෙන් වචනයක්වත් නැතිව නොයන්නේය. එන්න, අපි ඔහුට දිවෙන් පහරදී, ඔහුගේ කිසිම වචනයකට ඇහුම්කන් නොදී සිටිමුයයි කීවෝය.


මම තවත් මේ සෙනඟ අතරේ පුදුම ක්‍රියාවක් එනම් පුදුමවූ අපූරු ක්‍රියාවක් කරන්ට පටන්ගන්නෙමි. ඔවුන්ගේ ප්‍රඥාවන්තයන්ගේ ප්‍රඥාව නැතිවී යන්නේය, ඔවුන්ගේ නැණවතුන්ගේ නුවණද සැඟවීයන්නේයයි කීසේක.


බිඳහෙළව්, අත්තිවාරම දක්වා බිඳහෙළව්යයි කී ඒදොම්ගේ පුත්‍රයන්ට විරුද්ධව, ස්වාමිනි, යෙරුසලමේ දවස සිහිකළ මැනව.


එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:


අධිපතිවූ කෙනස්ය, අධිපතිවූ තේමාන්ය, අධිපතිවූ මිබ්ශාර්ය;


ඒදොමියයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද ඔහු නුඹේ සහෝදරයාය. මිසරයෙකුට ද්වේෂ නොකරන්න; මක්නිසාද නුඹ ඔහුගේ දේශයෙහි ආගන්තුකයෙක්ව සිටියෙහිය.


යෝබාබ් මළේය, ඔහු වෙනුවට තේමානිවරුන්ගේ දේශයේ හුෂාම් රජකම්කෙළේය.


ඒසව් වනාහි සේයිර් කන්දෙහි විසුයේය. ඒසව් නම් ඒදොම්ය.


ඒසව් තමාගේ පියා යාකොබ්ට කළ ආශීර්වාදය නිසා යාකොබ් කෙරේ වෛර බැන්දේය. මාගේ පියාණන් ගැන වැලපෙන දවස් ආසන්නය; එකල්හි මාගේ සහෝදරවූ යාකොබ් මරන්නෙමියි ඒසව් තමාගේ සිත තුළ කියාගත්තේය.


තවද යාකොබ් ඒදොම් රටවූ සේයිර් දේශයෙහි සිටි තම සහෝදරවූ ඒසව් වෙතට තමාට පෙරටුව පණිවුඩකාරයන් යැවුවේය.


ප්‍රඥාවන්තයෝ ලජ්ජාවට පැමිණ කැලඹී අසුවුණෝය. මෙන්න, ඔව්හු ස්වාමීන්වහන්සේගේ වචනය එපාකළෝය; ඔවුන් තුළ ඇති ප්‍රඥාව කුමක්ද?


මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,


දෙදාන් සහ තේමාටත් බූස්ටත් තමුන්ගේ ඉසකේ කොන් කපන සියල්ලන්ටත්,


එහි ඒදොම් සහ ඇගේ රජවරුද ඇගේ සියලුම අධිපතීහුද සිටිති; ඔව්හු බලවන්තයෝව සිටි නුමුත් කඩුවෙන් මැරුම්කෑ අය සමඟ තබනු ලැබුවෝය. ඔවුන් අචර්මඡේදිතයන්ද මිනීවළට බසින්නන්ද සමඟ වැටී ඉන්නවා ඇත.


දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයය. මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයද? මුරකාරය, රාත්‍රියේ දැන් වේලාව කීයදැයි සේයිර් සිට කෙනෙක් මට හඬගසයි.


ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්