Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:37 - Sinhala Revised Old Version

37 සියලුම ඉස් මුඩුකර, සියලුම රැවුල් කපා තිබේ. සියලුම අත්වල කැපීම්ද ඉඟටිවල ගෝණි රෙදිද තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

37 සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

37 සියලු දෙනා ම හිස් මුඩු කරගෙන රැවුල් කපා දමා ඇත. ඔවුන් සිය අත් කපාකොටාගෙන ඉඟටිවල ගෝණි රෙදි බැඳගෙන ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:37
22 හුවමාරු යොමු  

ගාසාට මුඩුකම පැමිණියේය; අෂ්කෙලෝන් සහ ඔවුන්ගේ මිටියාවතෙන් ඉතිරි පංගුව නාස්තිවිය. නුඹ කොපමණ කල් ශරීරය කපාගන්නෙහිද?


ෂෙකෙම්හිද ෂීලෝහිද සමාරියේද සිට මිනිසුන් අසූදෙනෙක් රැවුල් කපාදමා, ඇඳුම් ඉරාගෙන, ශරීර කපාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ගෙනෙන්ට ආහාර පූජාද කට්ටකුමංචල්ද තමුන්ගේ අත්වල රැගෙන ආවෝය.


තවද යාකොබ් තමාගේ වස්ත්‍ර ඉරාගන, ගෝණි රෙදි තමාගේ ඉණේ බැඳගන, තමාගේ පුත්‍රයා නිසා බොහෝ දවස් වැලපුණේය.


මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.


ස්වාමීන්වහන්සේ ආමොස්ගේ පුත්‍රවූ යෙසායා ලවා කථාකරමින්: නුඹ ගොස් නුඹේ ඉඟටියෙන් ගෝණි රෙද්ද මුදා නුඹේ පාදවලින් වහන් ගළවන්නැයි කීසේක. ඔහු එසේ කොට වස්ත්‍රද වහන්ද නැතුව ඇවිද්දේය.


තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.


ඔහු නිතරම රෑ දාවල් මොරගසමින්ද ගල්වලින් කපාගනිමින්ද සොහොන් ගෙවල්හිත් කඳුවලත් සිටියේය.


නුඹේ හිස බූගා, නුඹේ ප්‍රිය දරුවන් නිසා හිස මුඩුකොට, නුඹේ මුඩුකම රාජාලියා මෙන් පළල්කරගනින්න; මක්නිසාද ඔව්හු නුඹ වෙතින් වහල්කමට ගියෝය.


නුඹලාගේ මංගල්‍යවල් වැලපීමටත් නුඹලාගේ සියලු ගීතිකා විලාපයටත් හරවා, සියලුම ඉඟටිවලට ගෝණි රෙදිද සියලුම හිස්වලට මුඩුකමද පමුණුවා, ඒක එකම පුත්‍රයෙකු නිසා වැලපීම මෙන්ද එහි අන්තිමය තික්තවූ දවසක් මෙන්ද කරන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


ඔව්හු නුඹ නිසා හිස් මුඩුකර, ගෝණි රෙදි ඇඳගෙන, ආත්මයේ ශෝකයෙන් තද විලාපයක් ඇතුව නුඹ ගැන අඬන්නෝය.


ඔව්හු ගෝණි රෙදි ඇඳගන්නෝය, භයානකකම ඔවුන් වසාගන්නේය; සියලු මුහුණුවල ලජ්ජාවත් ඔවුන් සියල්ලන්ගේ හිස් පිට මුඩුකමත් ඇතිවන්නේය.


තවද හෙසකියා රජ ඒ අසා, තමාගේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පෙරවාගෙන, ස්වාමීන්වහන්සේගේ ගෘහයට ඇතුල්වී,


එවිට සුගන්ධ ද්‍රව්‍ය වෙනුවට කුණුද බඳපටිය වෙනුවට ලනුවක්ද හොඳට ගෙතූ වරලස වෙනුවට මුඩුකමද චෝලිය ලිය වෙනුවට ගෝණි බැඳගැනීමද හොබනාකම වෙනුවට හන්වඩුද ඇතිවන්නේය.


එකල රජ පවුර පිට යමින් සිටියේය. ඔහු වනාහි ස්ත්‍රියගේ වචන අසා තමාගේ ඇඳුම් ඉරාගත්තේය. සෙනඟද බලා, ඔහු ඇඟ යටට ගෝණි රෙදි ඇඳ තිබෙනවා දුටුවෝය.


ආහබ් ඒ වචන ඇසූ විට තමාගේ ඇඳුම් ඉරාගෙන, ඇඟේ මාංශයට ගෝණි රෙදි දමාගෙන නිරාහාරව ගෝණිරෙදි පිටින් නිදාගනිමින්, අවනත භාවයෙන් හැසුරුණේය.


ඔව්හු මහත් හඬින් මොරගසා තමුන්ගේ සිරිතේ හැටියට ලේ ඇඟේ වැගිරෙන තුරු පිහියාවලිනුත් හෙල්ලවලිනුත් තමුන්ගේ ශරීර කපාගත්තෝය.


මළවුන් නිසා නුඹලාගේ ශරීරවල කැපුමක් කර නොගන්න, නුඹලාගේ ශරීරයෙහි කිසි සායම් ලකුණක්ද කොටා නොගන්න. මම ස්වාමීන්වහන්සේය.


රූබෙන් වළ ළඟට හැරී ආයේය; ඔහු යෝසෙප් වළේ නැති බව දැක තමාගේ වස්ත්‍ර ඉරාගෙන


අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.


මනුෂ්‍ය පුත්‍රය, බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තීර්ට විරුද්ධව තමාගේ සේනාව ලවා මහත් වැඩක් කෙරෙවුවේය. සියලු හිස් මුඩුවිය, සියලු උරහිස් හමගියේය. එහෙත් ඔහු තීර්ට විරුද්ධව කළ වැඩය නිසා ඔහුටත් ඔහුගේ සේනාවටත් තීර්ගෙන් කුලී ලැබුණේ නැත.


එවිට හානූන් දාවිත්ගේ සේවකයන් අල්වා, ඔවුන්ගේ රැවුල් බූගා, කළවාමුල් දක්වා ඔවුන්ගේ ඇඳුම් මැදින් කපාදමා ඔවුන් යන්ට හැරියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්