Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 48:13 - Sinhala Revised Old Version

13 ඉශ්‍රායෙල් වංශය තමුන්ගේ විශ්වාසයවූ බෙතෙල් නිසා ලජ්ජාවට පැමුණුණාක්මෙන් මෝවබ් කෙමොෂ් නිසා ලජ්ජාවට පැමිණෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉශ්රායෙල් වංශය තමන් විශ්වාස කළ බෙතෙල් නම් දෙවියා නිසා ලජ්ජාවට පත් වූවා සේ මෝවබ් ජනයා තමන් විශ්වාස කළ කෙමොෂ් දෙවියා නිසා ලජ්ජාවට පත් වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 48:13
21 හුවමාරු යොමු  

ඒක හෙළාදමනු ලැබූ හැටි! ඔවුන් කෑමොරගසන හැටි! මෝවබ් පිටිපා ලජ්ජාවට පැමුණුණු හැටි! මෙසේ මෝවබ් ඔහු වටකර සිටින සියල්ලන්ට කවටකමක් සහ භයංකාරකමක් වන්නේය.


දේවරූප සාදන්නෝ සියල්ලෝම ලජ්ජාවී, නින්දාවට පත්ව, එක්ව වියවුල් බවට පැමිණෙන්නෝය.


නුඹේ දෙවිවූ කෙමොෂ් නුඹට හිමිකරගැනීමට දෙන දේ නුඹ හිමිකරගන්නවා නොවේද? එලෙසම අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අප ඉදිරියෙන් පන්නාදැමූ සියල්ලන්ගේ රට අපිත් හිමිකරගනිමුව.


අහෝ මෝවබ් නුඹට දුක්වේ! කෙමොෂ්ගේ සෙනඟ නාස්තිවූය. මක්නිසාද නුඹේ පුත්‍රයෝ වාලටද නුඹේ දූවරු වාල්කමටද ගෙනයනු ලැබුවෝය.


මක්නිසාද නුඹේ විශ්වාසය නුඹේ වැඩ හා නුඹේ සම්පත්ද කෙරෙහි තිබෙන බැවින් නුඹත් අසුවන්නෙහිය. කෙමොෂ්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාලට යන්නෝය.


ජාතීන් අතරෙන් ගැළවී සිටින තැනැත්තෙනි, රැස්වී ඇවිත් එක්ව ළංවෙන්න. තමුන්ගේ ලී රූප උසුලාගන යන්නාවූ, ගළවන්ට බැරි දෙවිකෙනෙකුට යාච්ඤා කරන්නාවූ අයට දැනුම නැත.


තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.


පොළොව ත්‍රස්තකරවන්ට ස්වාමීන්වහන්සේ නැගිටින කල, උන්වහන්සේගේ භයානකකමද උන්වහන්සේගේ මහන්තත්වයේ තේජසද ඉදිරියෙන්, පර්වතවල ගුහාවලටත් කඳුවල විවරවලටත් ඇතුල්වන පිණිස,


එලියා ඔවුන්ට කථාකොට: බාල්ගේ ප්‍රොපේතවරුන්ගෙන් එක්කෙනෙකුටවත් ගැළවීයන්ට නොදී ඔවුන් අල්වාගන්නැයි කීවේය. ඔව්හු ඔවුන් අල්වාගත්තෝය. එලියා ඔවුන් කීෂොන් ඔය ළඟට ගෙනගොස් එහිදී ඔවුන් මැරුවේය.


එකල සාලමොන් යෙරුසලම ඉදිරියෙහිවූ කන්දේ මෝවබ්වරුන්ගේ පිළිකුලවූ කෙමොෂ්ටත් අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුලවූ මොලෙක්ටත් උස්තැනක් ගොඩනැගුවේය.


මා මෙසේ කරන්නේ ඔවුන් ඔහුගේ පියවූ දාවිත් මෙන් මාගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේද මාගේ පනත්ද විනිශ්චයයන්ද ඉෂ්ටකරමින් මාගේ මාර්ගවල නොහැසිර මා අත්හැර, ශීදොන්වරුන්ගේ දේවතාවිවූ අෂ්ටාරොත්ටද මෝවබ්වරුන්ගේ දෙවිවූ කෙමොෂ්ටද අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවූ මිල්කොම්ටද නමස්කාරකළ නිසාය.


එබැවින් පෙරළා ඉහිරවන්නන් ඔහු ළඟට මා විසින් අරින දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හුද ඔහු පෙරළා, ඔහුගේ භාජන හිස්කොට, ඔහුගේ පාත්‍ර බිඳදමන්නෝය.


එවිට ස්වාමීන්වහන්සේගේ උදහස අමශියා කෙරෙහි ඇවුළුණේය, උන්වහන්සේ ප්‍රොපේත කෙනෙකු ඔහු වෙතට යැවූසේක. ඔහු කථාකොට: තමුන්ගේ සෙනඟ නුඹේ අතින් ගළවා නොගත් සෙනඟගේ දෙවියන් වෙතට මක්නිසා හැරුණෙහිදැයි ඔහුගෙන් ඇසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්