Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:25 - Sinhala Revised Old Version

25 සේනාවල ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නෝහි ආමොන්ටත් ඵාරාවෝටත් මිසරයටත් එහි දෙවිවරුන්ටත් එහි රජවරුන්ටත් ඵාරාවෝට සහ ඔහු කෙරේ විශ්වාසකරන්නන්ටත් දඬුවම්කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:25
16 හුවමාරු යොමු  

ඔවුන් කෙරෙහි ස්වාමීන්වහන්සේ භයංකරව සිටිනසේක. මක්නිසාද උන්වහන්සේ පොළොවේ සියලුම දෙවිවරුන් ක්ෂයකරනසේක; ජාතීන්ගේ සියලුම ද්වීපවල වැසියෝද තම තමුන්ගේ ස්ථානවල සිට උන්වහන්සේට නමස්කාර කරන්නෝය.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


මිසරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. බලව, ස්වාමීන්වහන්සේ ශීඝ්‍ර වලාකුළක් පිට නැගී මිසරයට එනසේක. මිසරයේ පිළිම උන්වහන්සේ ඉදිරියෙහි චංචලවන්නෝය, මිසරවරුන්ගේ සිත්ද ඔවුන් තුළ දියවෙනවා ඇත.


මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


අහෝ හෙෂ්බොන්, කෑමොරගසන්න, මක්නිසාද හායි නටබුන්විය; එම්බා රබ්බාහි ගම්, කෑගසා, ගෝණි රෙදි හැඳගන, විලාප කියා තාප්ප අතරේ එහා මෙහා දුවන්න; මක්නිසාද මල්කාම්ද ඔහුගේ පූජකයෝද අධිපතීහුද එක්ව වාල්කමට යන්නෝය.


එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම මිසරයේ රජවූ ඵාරාවෝට විරුද්ධව සිටිමි, මම ඔහුගේ බාහු වන සවිවූ එකද බිඳුණු එකද බිඳ, ඔහුගේ අතින් කඩුව වැටෙන්ට සලස්වා,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්