Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 46:13 - Sinhala Revised Old Version

13 මිසර දේශයට පහරදීමට බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර්ගේ පැමිණීම ගැන ස්වාමීන්වහන්සේ අනාගතවක්තෘවූ යෙරෙමියාට කී වචනයය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මිසර දේශයට පහර දීමට බබිලෝනියේ රජු වූ නබුකද්නෙශර්ගේ පැමිණීම ගැන සමිඳාණන් වහන්සේ දිවැසිවරයාට මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 46:13
6 හුවමාරු යොමු  

මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


එබැවින්, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම නුඹට විරුද්ධව කඩුවක් පමුණුවා, නුඹෙන් මනුෂ්‍යයන්ද මෘගයන්ද සිඳදමන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්