Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:30 - Sinhala Revised Old Version

30 මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මා විසින් ජුදාහි රජු වූ ශෙදෙකියා ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සෙවූ ඔහුගේ සතුරා වූ බබිලෝනියේ රජ වූ නෙබුකද්නෙශර් අතට පාවා දුන් ලෙස, මිසරයේ රජ වූ පාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතට ද ඔහුගේ ප්‍රාණය හානි කරන්නට සොයන්නන් අතට ද පාවා දෙන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:30
11 හුවමාරු යොමු  

මනුෂ්‍ය පුත්‍රය, මිසරයේ රජවූ ඵාරාවෝගේ හස්තය මම බින්දෙමි; කඩුව අල්ලන්ට ඒක සවිවෙන පිණිස සුවකරන ඖෂධ දමා, ඒක බැඳීමට පටියක් දමා, ඒක බැන්දේ නැත.


මම යූදාහි රජවූ ශෙදෙකියාද ඔහුගේ අධිපතීන්ද ඔවුන්ගේ සතුරන් අතටත් ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටත් නුඹලා වෙතින් අහක්ව ගිය බබිලෝනියේ රජුගේ සේනාව අතටත් පාවාදෙන්නෙමි.


නුඹ එසේ මහිමයෙන්ද උතුම්කමෙන්ද ඒදන්හි ගස්වලින් කොයි එකට සමානව සිටිනෙහිද? නුඹත් ඒදන්හි ගස් සමඟ පොළොවේ පහත් තැන්වලට බැස, කඩුවෙන් මැරුම්කෑ අය සමඟ අචර්මඡේදිතයන් අතරෙහි වැටී ඉන්නවා ඇත. ඵාරාවෝට සහ ඔහුගේ මුළු සමූහයාටත් එයාකාරවේය කියා ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේකැයි කීය.


ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.


මාගේ වචන විපත්තිය පිණිස නුඹලා කෙරෙහි සැබවින්ම ස්ථිරවෙන බව නුඹලා දැනගන්න පිණිස මේ ස්ථානයේදී මා නුඹලාට දඬුවම්කරන බවට නුඹලාට ලැබෙන ලකුණ මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්