Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:25 - Sinhala Revised Old Version

25 ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට ඈට පානපූජා වගුරුවන හැටියට අප විසින් වුණාවූ අපේ භාරවල් නුඹලාත් නුඹලාගේ භාර්යාවොත් නුඹලාගේ කටින් කියා, නුඹලාගේ අත්වලින් සම්පූර්ණකළහුය. ඉතින් ස්ත්‍රීන් වන නුඹලාගේ භාරවල් ස්ථිරකොට, නුඹලාගේ භාරවල් ඉෂ්ට කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්‍රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ”යි කී ය. “ ‘අහස් රැජින නම් දේවතාවියට අප බාර හාර වූ ප්‍රකාර සුවඳ දුම් ඔප්පු කොට ඈට පානීය පූජා අපි පුද කරමු’යි කියමින් නුඹලා ද නුඹලාගේ භාර්යාවෝ ද පොරොන්දු වූ ලෙස ඒවා ඉෂ්ට කළහ. හොඳයි, ඒවා ස්ථිර කර ඉෂ්ට කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:25
9 හුවමාරු යොමු  

එවිට රජ ශෝකවූයේය; එහෙත් තමාගේ දිවුරුම් නිසාත්, තමා සමඟ කමින් උන්නවුන් නිසාත්, ඔහු ඒක දෙන්ට ආඥාකොට,


ඔව්හු ස්වකීය ලජ්ජාව නමැති පෙණ දමන මුහුදේ රෞද්‍ර තරංගයෝය; මුළාවයන තාරකාවෝය. ඔවුන්ට අන්ධකාරයේ කළුවරකම සදාකාලේටම තබා තිබේ.


එම්බා ඉශ්‍රායෙල් වංශය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා වනාහි ගොස් එකිනෙකා තම තමාගේ දේවරූපවලට සේවයකරන්න, නුඹලා මට ඇහුම්කන්දෙන්නේ නැත්නම් පසුත් එසේ කරන්න. නුමුත් නුඹලා මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින්ද නුඹලාගේ දේවරූපවලින්ද තවත් කෙලසන්නේ නැත.


අපි මරණය සමඟ ගිවිසුමක් කොට ‍පාතාලය සමඟ පොරොන්දුවකට බැඳී සිටිමුව; ගලාඑන විපත පැමිණෙන විට එය අප වෙතට නොඑන්නේය; මක්නිසාද අපි බොරුව අපේ රක්ෂාස්ථානය කරගන වංචාකමෙහි සැඟවී සිටිමුයයි නුඹලා කීවහුය.


අයුතුකම්කරන්නන්ට සැඟවී ඉන්ට පුළුවන්වූ අන්ධකාරයක්වත් මරණ සෙවණක්වත් නැත.


මේ නුවරට විරුද්ධව යුද්ධකරන කල්දිවරු ඇවිත් මේ නුවර ගිනිලා, ඒකත්, මා කෝපකරවන ලෙස යම් යම් ගෙවල පියසි උඩ බාල්ට සුවඳ දුම් ඔප්පුකරන්ටත් අන් දෙවිවරුන්ට පාන පූජා වගුරුවන්ටත් යෙදුණේද, ඒ ගෙවලුත් දවා දමන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්