Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:24 - Sinhala Revised Old Version

24 තවද යෙරෙමියා මුළු සෙනඟටත් සියලු ස්ත්‍රීන්ටත් කථාකොට: මිසර දේශයේ සිටින යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්‍රීන්ටත් කතා කොට, “මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, ජෙරමියා මුළු සෙනඟටත්, සියලු ස්ත්‍රීන්ටත් කතා කොට, “මිසර දේශයේ සිටින ජුදාවරුනි, සමිඳාණන් වහන්සේගේ වචන අසන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:24
11 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේගේ හඬට කීකරු නොවී, මිසර දේශයට පැමිණියෝය. තවද ඔව්හු තාපන්හේස් දක්වා ගියෝය.


එබැවින් මිසර දේශයෙහි වසන සියලු යූදාවරුනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න: මුළු මිසර දේශයෙහි සිටින යූදාවරුන්ගෙන් කිසිවෙකුට–ස්වාමිවූ දෙවියන්වහන්සේ ජීවමාන බව සැබෑවා සේම කියා මාගේ නාමය තමාගේ මුඛයෙන් තවත් සඳහන් කරන්ට නොලැබේය කියා මාගේ මහත් නාමයෙන් දිවුළෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එම්බා යූදාහි ඉතිරිව සිටින ජනයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා මිසරයට පැමිණීමට නුඹලාගේ මුහුණු හරවාගන, එහි පොරොත්තුව සිටීමට යන්ටම අදහස්කරන්නහු නම්, නුඹලා භයවෙන කඩුව මිසර දේශයේදී නුඹලා පිටට පැමිණෙන්නේය,


ඇසීමට කන් ඇත්තේ අසාවා.


එබැවින් දැන් ස්වාමීන්වහන්සේගේ වචන අසන්න: ඉශ්‍රායෙල්ට විරුද්ධව අනාගතවාක්‍ය කියන්ටවත් ඊසාක්ගේ වංශයට විරුද්ධව වචනයක් කියන්ටවත් එපායයි නුඹ කියන්නෙහිය.


ඔවුන් ඉතා කැරළිකාර බැවින් ඔවුන් අසතත් නොඅසතත් මාගේ වචන ඔවුන්ට කියන්න.


එබැවින් යෙරුසලමෙහි සිටින මේ සෙනඟ ආණ්ඩුකරන නින්දාකාර මනුෂ්‍යයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න.


සොදොමේ ආණ්ඩුකාරයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න; ගොමොරාවේ සෙනඟෙනි, අපේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවට කන්දෙන්න.


මීකායා කථාකොට: එබැවින් ඔබ ස්වාමීන්වහන්සේගේ වචනය ඇසුව මැනවි. ස්වාමීන්වහන්සේ තමන්ගේ සිංහාසනයේ හිඳිනවාත් මුළු ස්වර්ග සේනාව උන්වහන්සේ ළඟ උන්වහන්සේගේ දකුණු පැත්තේද වම්පැත්තේද සිටිනවාත් දුටුමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්