Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 43:9 - Sinhala Revised Old Version

9 නුඹේ අතින් ලොකු ගල් රැගෙන යූදාවරුන් බලා සිටියදී තාපන්හේස්හි ඵාරාවෝගේ ගෘහයේ දොරටුවෙහි තිබෙන ගඩොල් වැඩේ බදාම තුළ සඟවා තබා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “නුඹේ අතින් ලොකු ගල් රැගෙන ජුදෙව්වරුන් බලා සිටිය දී තාපන්හේස්හි පාරාවෝගේ මාලිගාවේ දොරටුවෙහි තිබෙන ගඩොල් වේදිකාවේ බදාම තුළ සඟවා තබන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 43:9
18 හුවමාරු යොමු  

තවද බලවත්වූ දේවදූතයෙක් මහත් ඇඹරුම් ගලක් වැනිවූ ගලක් ගෙන මුහුදේ හෙළා: ඒ මහත් නුවරවූ බබිලෝනිය මහත් වැටීමකින් මෙසේ හෙළනු ලබන්නීය, තවත් කිසිසේත් සම්බ නොවන්නීය.


අප වෙතට පැමිණ පාවුල්ගේ ඉඟපටිය රැගෙන තමාගේම අත්පා බැඳගන: යුදෙව්වරු මේ ඉඟපටිය අයිතිවූ මනුෂ්‍යයා යෙරුසලමේදී මේ ආකාරයෙන් බැඳ අන්‍යජාතීන්ගේ අත්වලට පාවාදෙන්නෝයයි ශුද්ධාත්මයාණන්වහන්සේ කියනසේකැයි කීවේය.


වටලෑම නිසා වතුර ඇද තබාගන්න, නුඹේ බලකොටු සවිකරන්න. මැටි පිටට පැමිණ, බදාම පාගා, ගඩොල් වැඩ සවිකරන්න.


ඇරත් මම ප්‍රොපේතවරුන්ට කථාකොට, මමම බොහෝ දර්ශන පෙන්වා, ප්‍රොපේතවරුන් කරණකොටගෙන උපමා භාවිතාකෙළෙමි.


තවද මනුෂ්‍ය පුත්‍රය, පැතලි ගඩොළක් ගෙන ඒක නුඹ ඉදිරියෙහි තබාගන නුවරක්, එනම් යෙරුසලම, ඒකේ සිතියම් කරන්න.


ඔහු එහි සිටි සෙනඟ පිටතට ගෙන්වා කියත්වලින්ද මඩින යකඩ යන්ත්‍රවලින්ද යකඩ පොරෝවලින්ද කපා දැමුවේය, ගඩොල් උදුන මැදින් යන්ටද සැලැස්සුවේය. ඔහු අම්මොන් පුත්‍රයන්ගේ සියලු නුවරවලට මෙසේ කෙළේය. එවිට දාවිත් සහ මුළු සෙනඟ යෙරුසලමට හැරී ආවෝය.


ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.


එකල තාපන්හේස්හිදී ස්වාමීන්වහන්සේගේ වචනය යෙරෙමියා වෙතට පැමිණ මෙසේ කීය:


ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම මිනිසුන් යවා මාගේ සේවකයා වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් ගෙන්වා, මා විසින් සඟවා තැබූ මේ ගල් පිට ඔහුගේ සිංහාසනය තබන්නෙමි; ඔහුද තමාගේ රාජකීය සේසත ඒවා උඩ තබනවා ඇත.


මා විසින් යූදාහි රජවූ ශෙදෙකියා ඔහුගේ සතුරාවූ ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සෙවුවාවූ බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අතට පාවා දුන්නාක්මෙන් මිසරයේ රජවූ ඵාරාවෝ-හොප්රාත් ඔහුගේ සතුරන් අතටද ඔහුගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන් අතටද පාවාදෙන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.


මිසරයේ රජවූ ඵාරාවෝටත් ඔහුගේ සේවකයන්ටත් අධිපතීන්ටත් ඔහුගේ මුළු සෙනඟටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්