Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 42:16 - Sinhala Revised Old Version

16 නුඹලා භයපත්කරවන සාගතය නුඹලා කැටුවම මිසරයට යන්නේය; එහිදී නුඹලා මැරෙන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 නුඹලා බියගන්වන කඩුව මිසර දේශයේ දී නුඹලා පිට පැමිණෙන්නේ ය. නුඹලා බියපත් කරවන සාගතය මිසර දේශයට ම නුඹලා ලුහුබැඳ යන්නේ ය. එහි දී නුඹලා මැරෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 නුඹලා බියගන්වන කඩුව මිසර දේශයේ දී නුඹලා පිට පැමිණෙන්නේ ය. නුඹලා බියපත් කරවන සාගතය මිසර දේශයට ම නුඹලා ලුහුබැඳ යන්නේ ය. එහි දී නුඹලා මැරෙන්නහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 42:16
13 හුවමාරු යොමු  

නුඹලා කඩුවට භයව සිටිහුය; මමද නුඹලා පිටට කඩුව පමුණුවන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.


බලව, මම ශුභසිද්ධිය පිණිස නොව විපත්තිය පිණිස ඔවුන් ගැන පිබිද සිටිමි. මිසර දේශයෙහි සිටින සියලුම යූදාවරු තීන්දුවෙන තුරු කඩුවෙන්ද සාගතයෙන්ද නැතිවී යන්නෝය.


අපි ඔහුට මෙසේ ඉඩහැරියෙමු නම් සියල්ලන් ඔහු කෙරෙහි අදහාගන්නවා ඇත. එවිට රෝමවරුන් ඇවිත් අපේ ස්ථානයත් අපේ ජාතියත් පැහැරගන්නවා ඇතැයි කීවෝය.


නුමුත් මාගේ මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට මා විසින් අණකළ මාගේ වචනත් මාගේ නියෝගත් නුඹලාගේ පියවරුන් කරා පැමුණුනා නොවේද? එවිට ඔව්හු හැරී: සේනාවල ස්වාමීන්වහන්සේ අපට කරන්ට අදහස්කළ ප්‍රකාරයට අපේ මාර්ග සහ අපේ ක්‍රියාවල හැටියට උන්වහන්සේ අපට කළසේකැයි කීවෝයයි කීය.


නුමුත් නුඹලා: අපි මේ දේශයෙහි නොසිටින්නෙමුයයි කියමින් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී කථාකොට–


විපත පාපිෂ්ඨයන් ලුහුබඳවා යයි; එහෙත් ධර්මිෂ්ඨයන්ට යහපත විපාකයක් ලෙස ලැබේ.


නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට අණකළ තමන්ගේ ආඥාද තමන්ගේ පනත්ද පවත්වන පිණිස උන්වහන්සේගේ හඬට කන්නුදුන් බැවින් මේ සියලු ශාප නුඹ පිටට පැමිණ, නුඹ නාස්තිවෙන තුරු නුඹ පස්සේ එළවාගෙන ඇවිත් නුඹ අසුකරගන්නේය.


ස්වාමීන්වහන්සේ ක්ෂයරෝගයෙන්ද උණෙන්ද උෂ්ණයෙන්ද දැවිල්ලෙන්ද කඩුවෙන්ද ගොයම් වියළීමෙන්ද ගොයම් රෝගයෙන්ද නුඹට පහරදෙනසේක; නුඹ නැතිවීයන තුරු ඒවා නුඹ එළවාගන එනවා ඇත.


නුමුත් මා විසින් අද නුඹට අණකරන නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සියලු ආඥාද පනත්ද පවත්වන්ට බලාගන්න හැටියට නුඹ උන්වහන්සේගේ හඬට කන්නොදෙන්නෙහිනම්, මේ සියලු ශාප නුඹ පිටට පැමිණ නුඹ අසුකරගන්නේය.


යම් ජාතියක්වත් යම් රාජ්‍යයක්වත් බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට සේවය නොකරන්නේ නම්, බබිලෝනියේ රජුගේ වියගහේ තමුන්ගේ බෙල්ල නොතබන්නේ නම්, මම ඒ ජාතිය ඔහු ලවා නැතිකරවනතුරු කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද ඔවුන්ට දඬුවම්කරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


එසේ කළේ නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළ අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාව මැරූ බැවින් ඔවුන්ට භයවුණ නිසාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්