Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 41:16 - Sinhala Revised Old Version

16 කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝද ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා මැරූ පසු ගිබියොන්හි සිට ඔහුගෙන් හරවාගත්තාවූ ඉතිරිව සිටි මුළු සෙනඟ වන යුද්ධකාරයන්ද ස්ත්‍රීන්ද දරුවන්ද නපුංසකයන්ද මිශ්පායෙන් අඬගහගන ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝ ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිශ්පාහි ඉතිරි ව සිටි, ඔහු කෙරෙන් ආපසු ගෙන යන ලද ඉතිරි ව සිටි මුළු සෙනඟ වන යුද්ධ භටයන් ද ස්ත්‍රින් ද දරුවන් ද නපුංසකයන් ද ගිබියොන් නගරයෙන් කැඳවාගෙන ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කාරේයාගේ පුත් ජොහානාන් ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතියෝ ද නෙතනියාගේ පුත් ඉෂ්මායෙල් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියා මරනු ලැබූ පසු, මිශ්පාහි ඉතිරි ව සිටි, ඔහු කෙරෙන් ආපසු ගෙන යන ලද ඉතිරි ව සිටි මුළු සෙනඟ වන යුද්ධ භටයන් ද ස්ත්‍රින් ද දරුවන් ද නපුංසකයන් ද ගිබියොන් නගරයෙන් කැඳවාගෙන ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 41:16
4 හුවමාරු යොමු  

බබිලෝනියේ රජු විසින් ගෙදලියා ආණ්ඩුකාරයා කොට පත්කළ බව සේනාවල සියලු අධිපතීන්ද ඔවුන්ගේ මිනිසුන්ද ඇසූ විට ඔව්හු එනම් නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරියාගේ පුත්‍රවූ යෝහානාන්ද නෙටොපාතිය තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද මයකාතියයාගේ පුත්‍රවූ යාශනියාද ඔවුන්ගේ මිනිස්සුද ගෙදලියා ළඟට මිශ්පාට ආවෝය.


තවද ඉෂ්මායෙල් සෙනඟගෙන් ඉතිරිවී මිශ්පාහි සිටි සියල්ලන්, එනම් රජුගේ දූවරුන්ද රැකවලුන්ගේ අධිපතියාවූ නෙබුසරදාන් විසින් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියාට භාරදුන්නාවූ, මිශ්පාහි ඉතිරිව සිටියාවූ මුළු සෙනඟද අල්ලාගත්තේය. නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් ඔවුන් ගෙන අම්මොන් පුත්‍රයන් ළඟට යන්ට ගියේය.


එවිට ඔහු කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද ඔහු සමඟ සිටි සේනාවල සියලු අධිපතීන්ද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද කැඳවා ඔවුන්ට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්