Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 40:4 - Sinhala Revised Old Version

4 ඉතින් නුඹේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් අද නුඹ මුදමි. මා සමඟ බබිලෝනියට එන්ට නුඹට හොඳව පෙනේ නම් එන්න, මම නුඹව හොඳට බලාගන්නෙමි; නුමුත් මා සමඟ බබිලෝනියට එන්ට නුඹට නරකව පෙනේ නම් නවතින්න. මුළු දේශය නුඹ ඉදිරියෙහිය; නුඹට යන්ට හොඳව පහසුව පෙනෙන තැනකට යන්නැයි ඔහුට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉතින් ඔබේ අත් බැඳ තිබෙන දම්වැල්වලින් මම අද ඔබ මුදමි. මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති නම් එන්න. මම ඔබ හොඳට බලාගන්නෙමි. එහෙත්, මා සමඟ බබිලෝනියට එන්න ඔබ කැමැති තැන්නම්, නවතින්න. මුළු දේශය ඔබ ඉදිරියෙහි ය. ඔබ යන්න කැමැති ලෙස හොඳ යයි පෙනෙන ඕනෑ තැනකට යන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 40:4
8 හුවමාරු යොමු  

අබිමෙලෙක්: බලව, මාගේ දේශය නුඹ ඉදිරියෙහිය, කැමති තැනක වාසය කරන්නැයි කීවේය.


මුළු දේශය නුඹ ඉදිරියෙහි තිබෙනවා නොවේද? මා කෙරෙන් වෙන්ව යනලෙස නුඹෙන් ඉල්ලමි. නුඹ වම් දෙසට යන්නෙහි නම් මම දකුණු දෙසට යන්නෙමි; නුඹ දකුණු දෙසට යන්නෙහි නම් මම වම් දෙසට යන්නෙමියි කීවේය.


මිසර දේශය නුඹ ඉදිරියෙහි තිබේ; නුඹේ පියා සහ සහෝදරයන් දේශයේ ඉතාම හොඳ පළාතෙහි වාසය කරවන්න; ගෝෂෙන් දේශයෙහි ඔව්හු වාසය කෙරෙත්වා. ඔවුන් අතරේ දක්ෂ පුරුෂයන් දන්නෙහිනම් ඔවුන් මාගේ සිව්පාවුන් කෙරෙහි ප්‍රධානීන් කොට පත්කරන්නැයි කීය.


ඒක බොරුවක්ය; මම කල්දිවරුන්ට එකතුවෙන්ට නොයමියි යෙරෙමියා කීය. නුමුත් ඉරියා යෙරෙමියාට ඇහුම්කන් නොදී, ඔහු අල්වා, අධිපතීන් ළඟට ගෙනගියේය.


පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.


ඔබද: මාගේ ඇස්වලින් ඔහු දකින පිණිස ඔහු මා වෙතට ගෙනෙන්නැයි ඔබගේ දාසයන්ට කීවෙහිය.


රිදී නුඹට වේවා, නුඹට හොඳව පෙනෙන දෙයක් කරන්ට ඒ සෙනඟ එසේම නුඹටදී තිබේයයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්