Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 40:16 - Sinhala Revised Old Version

16 නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා: නුඹ ඔය දේ නොකළ යුතුය. මක්නිසාද නුඹ ඉෂ්මායෙල් ගැන කියන දේ බොරුයයි කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කාරේයාගේ පුත් ජොහානාන් අමතා, “ඔබ මේ දේ නොකළ යුතු ය. ඉෂ්මායෙල් ගැන ඔබ කියන දේ සැබෑවක් නොවේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එහෙත්, අහිකාම්ගේ පුත් ගෙදලියා කාරේයාගේ පුත් ජොහානාන් අමතා, “ඔබ මේ දේ නොකළ යුතු ය. ඉෂ්මායෙල් ගැන ඔබ කියන දේ සැබෑවක් නොවේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 40:16
4 හුවමාරු යොමු  

ඒ හැටියට යහපත සිද්ධවීම පිණිස නපුර කරමුයයි නොකියමුද? (අපි එසේ කියමුයයි අපට අපහාස වශයෙන් සමහරු අප ගැන කියති.) ඔවුන්ගේ දඬුවම සාධාරණය.


එවිට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් සහ ඔහු සමඟ සිටි මිනිසුන් දසදෙනා බබිලෝනියේ රජු විසින් දේශයේ ආණ්ඩුකාරකමට පත්කළාවූ ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ගේ පුත්‍රයා වන ගෙදලියාට කඩුවෙන් පහරදී ඔහු මැරුවෝය.


උඩඟුවෙන්නේ නැත, අශෝභනලෙස හැසිරෙන්නේ නැත, තමාගේම කාරණා සොයන්නේ නැත, කෝපවෙන්නේ නැත, නපුර ගණන්ගන්නේ නැත;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්