Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 40:13 - Sinhala Revised Old Version

13 තවද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහුද මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ඉන්පසු කාරේයාගේ පුත් ජොහානාන් ද පිටිසර සිටි සේනාවල සියලු අධිපතීහු ද මිශ්පාහි ගෙදලියා ළඟට අවුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 40:13
5 හුවමාරු යොමු  

එවිට සේනාවල සියලු අධිපතියෝද කාරේයාගේ පුත්‍රවූ යොහානාන්ද හෝෂායාගේ පුත්‍රවූ යෙසනියාද කුඩා අය පටන් ලොකු අය දක්වා මුළු සෙනඟද අනාගතවක්තෘවූ යෙරෙමියා වෙතට පැමිණ:


නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල්ද කාරේයාගේ පුත්‍රයන්වූ යොහානාන් හා යොනාතාන්ද තන්හුමෙත්ගේ පුත්‍රවූ සෙරායාද නෙටොපාතිය ඒපයිගේ පුත්‍රයෝද මයකාතියයාගේ පුත්‍රවූ යෙසනියාද ඔවුන්ගේ මිනිස්සුද මිශ්පාට ගෙදලියා ළඟට ආවෝය.


එවිට සියලු යුදෙව්වරු තමුන් පන්නනු ලැබූ සියලු තැන්වලින් හැරී යූදා දේශයේ මිශ්පාට ගෙදලියා ළඟට ඇවිත්, මුද්‍රිකපානයද ඉදුණු ඵලද බොහොමයක් එකතුකරගත්තෝය.


අම්මොන් පුත්‍රයන්ගේ රජවූ බයලීස් නුඹ මරන්ට නෙතනියාගේ පුත්‍රවූ ඉෂ්මායෙල් එවූ බව නුඹ දන්නවාදැයි ඔහුගෙන් ඇසුවෝය. නුමුත් අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ඔවුන් විශ්වාස කළේ නැත.


සත්වෙනි මාසයේදී රාජ වංශයට අයිතිවූ, රජුගේ අධිපතීන්ගෙන් කෙනෙක් වන එලිෂාමාගේ පුත්‍රවූ නෙතනියාගේ පුත්‍රයා වන ඉෂ්මායෙල්ද ඔහු සමඟ මිනිසුන් දසදෙනෙක්ද මිශ්පාට අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා ළඟට ආවෝය. එහි ඔව්හු මිශ්පාහිදී එක්ව කෑම කෑවෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්