Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:16 - Sinhala Revised Old Version

16 ජාතීන්ට සඳහන්කරන්න; මෙන්න, දුර දේශයකින් රැකවලුන් ඇවිත් යූදාහි නුවරවලට විරුද්ධව තමුන්ගේ හඬ පවත්වන බව යෙරුසලමට විරුද්ධව ප්‍රකාශකරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 ජුදා නගරවලට විරුද්ධ ව ද හඬ නඟමින් දුර රටක සිට ඒවා වටකරින් එන බවට අනතුරු අඟවන්න; ජෙරුසලමේ එය ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 ජුදා නගරවලට විරුද්ධ ව ද හඬ නඟමින් දුර රටක සිට ඒවා වටකරින් එන බවට අනතුරු අඟවන්න; ජෙරුසලමේ එය ප්‍රකාශ කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:16
18 හුවමාරු යොමු  

යුද්ධ යන්ත්‍ර තබන්ටත් මරාදැමීමට මුඛය හැර ඝෝෂා කිරීමෙන් ශබ්දනගන්ටත් දොරටුවලට විරුද්ධව යුද්ධ යන්ත්‍ර තබන්ටත් ගොඩැලි සාදන්ටත් කොටු ගොඩනගන්ටත් යෙරුසලම ගැන ඔහුගේ දකුණතට පේන–ඊගස වැටුණේය.


මෙන්න, ඉශ්‍රායෙල් වංශය, මම නුඹලාට විරුද්ධව දුර සිට ජාතියක් ගෙන්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. ඔව්හු බලවත් ජාතියක්ය, පුරාණ ජාතියක්ය, ඔවුන් නුඹ නොදන්න භාෂාවක් කථාකරන ජාතියක්ය, ඔවුන් කියන දේ නුඹට තේරෙන්නේ නැත.


එවිට අනාගතවක්තෘවූ යෙසායා හෙසකියා රජු ළඟට ඇවිත්: ඒ මනුෂ්‍යයන් කීවේ මොකද? ඔව්හු කොතනින් නුඹ ළඟට ආවෝදැයි ඔහුගෙන් ඇසුවේය. ඔව්හු දුර දේශයක්වූ බබිලෝනියේ සිට මා ළඟට ආවෝයයි හෙසකියා කීවේය.


ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


යෙරුසලම අසුවූ කල්හි, යූදාහි රජවූ ශෙදෙකියාගේ රජකම්කිරීමේ නවවෙනි අවුරුද්දේ දසවෙනි මාසයේදී බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් තමාගේ මුළු සේනාව සමඟ යෙරුසලමට විරුද්ධව ඇවිත් ඒක වටලාගත්තේය.


එම්බා ජාතීනි, ස්වාමීන්වහන්සේගේ වචන අසා, දුරස්තර දිවයින්වල දන්වමින් ඉශ්‍රායෙල්වරුන් විසිරෙවු තැනන්වහන්සේ ඔවුන් රැස්කර, එඬේරා තමාගේ රැළ ආරක්ෂාකරන්නැයි ඔවුන් ආරක්ෂාකරනසේකැයි කියන්න.


මේ දේශයෙහි ලොකු කුඩා අය මැරෙනවා ඇත. ඔව්හු වළලනු නොලබන්නෝය, කිසිවෙක් ඔවුන් ගැන විලාප නොකියන්නේය, ශරීරය කපා නොගන්නේය, ඔවුන් ගැන හිස මුඩුකර නොගන්නේය.


එබැවින් ජාතීනි, අසන්න, එම්බා සමූහයෙනි, ඔවුන් අතරේ සිද්ධවෙන දේ දැනගන්න.


එබැවින් කැලෑවෙන් එන සිංහයෙක් ඔවුන් මරන්නේය, සැන්දෑ කාලයෙහි එන වෘකයෙක් ඔවුන් නාස්තිකරන්නේය, දිවියෙක් ඔවුන්ගේ නුවරවල් ළඟ රැක ඉන්නේය, ඒවායින් පිටතට යන සියල්ලෝ ඉරාදමනු ලබන්නෝය. මක්නිසාද ඔවුන්ගේ වරද බොහෝවී ඔවුන්ගේ පසුබටවීම් වැඩිවී තිබේ.


යෙරුසලම මට විරුද්ධව කැරළිගැසූ බැවින් කෙතක රැකවලුන් මෙන් ඔව්හු ඈ වටකරගෙන සිටිතියි ස්වාමීන්වහන්සේ කියනසේක.


තරුණ සිංහයෝ ඔහුට විරුද්ධව ගොරවා, තමුන්ගේ හඬ පවත්වා ඔහුගේ දේශය පාළුවක් කළෝය; ඔහුගේ නුවරවල වැසියෙක් නොවසන ලෙස ඒවා දාලාගියේය.


ජාතීනි, අසන්ට ළංවෙන්න; ජනයෙනි, ඇහුම්කන්දෙන්න. පොළොව සහ ඒකේ පූර්ණකමත් ලෝකය සහ එහි හටගන්න සියල්ලත් අසත්වා.


මක්නිසාද උතුරු දිග රාජ්‍යවල සියලුම වංශවලට අඬගසන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔව්හු ඇවිත් තම තමුන්ගේ සිංහාසන යෙරුසලමේ දොරටුවලද එහි වටකරින් සියලු පවුරුවලට විරුද්ධවද යූදාහි සියලුම නුවරවලට විරුද්ධවද තබන්නෝය.


බලව, ස්වාමීන්වහන්සේ සියොන්හි නැද්ද? ඇගේ රජ්ජුරුවෝ ඈ තුළෙහි නැද්දැයි අසන මාගේ දියණිය වන සෙනඟගේ විලාප හඬ ඉතා දුර දේශයකින් ඇසෙන්නේය. ඔව්හු තමුන්ගේ කැපූ පිළිමවලින්ද අන්‍යයන්ගේ නිෂ්ඵල රූපවලින්ද කුමට මා කෝපකළෝද?


එම්බා පොළොව, අසන්න මෙන්න, මේ සෙනඟ මාගේ වචනවලට ඇහුම්කන් නොදී, මාගේ ව්‍යවස්ථාව එපාකළ හෙයින්, මම ඔවුන්ගේ යෝජනාවල ප්‍රතිඵලය වන විපත්තිය ඔවුන් පිටට පමුණුවන්නෙමි.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: අන්න, උතුරු දේශයෙන් සෙනඟක් එති; මහත් ජාතියක්ද පොළොවේ ඉතා දුර තැන්වලින් නැගිටිනවා ඇත.


ඔව්හු දුනු හා හෙල්ල දරති; ඔව්හු කෲරය, කරුණාවක් නැත්තෝය; ඔවුන්ගේ හඬ මුහුද මෙන් ඝෝෂාකරයි; එම්බා සියොන් දුව, නුඹට විරුද්ධව යුද්ධකරන්ට ඔවුන් සියලුදෙනා එක්කෙනෙකු මෙන් පේළිගැසී අශ්වයන් පිට නැගී එති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්