Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:15 - Sinhala Revised Old Version

15 මක්නිසාද හඬක් දාන් සිට ප්‍රකාශකරමින්, එප්‍රායිම් කඳුරටේ සිට විපත ප්‍රසිද්ධකරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 “දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “දාන් සිට ද එප්‍රායිම් කන්ද කෙරෙන් ද නුඹට වන විපත ගැන කතාව පැතිරී යන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:15
8 හුවමාරු යොමු  

දාන්හි සිට ඔහුගේ අශ්වයන්ගේ හුංකාරය ඇසෙයි. ඔහුගේ බලවතුන්ගේ හේෂාරවයට මුළු දේශය වෙවුලයි; මක්නිසාද ඔව්හු ඇවිත් දේශය සහ එහි තිබෙන සියල්ලද නුවර සහ එහි වැසියන්ද නාස්ති කළෝය.


බෙන්යමින් පුත්‍රයෙනි, යෙරුසලම තුළින් පලාගොස්, තෙකෝවාහි හොරණෑ පිඹ, බෙත්-හක්කෙරෙම් උඩ ලකුණක් නගන්න. මක්නිසාද විපත්තියක්ද මහත් විනාශයක්ද උතුරෙන් පැමිණෙන්ට ළඟය.


එවිට දාන් පටන් බෙයෙර්-ෂෙබා දක්වාත් ගිලියද් දේශයෙත් සිටි සියලු ඉශ්‍රායෙල් පුත්‍රයන් පිටත්ව ඇවිත් සභාව එක්කෙනෙකු මෙන් මිශ්පාහි ස්වාමීන්වහන්සේ වෙතට රැස්වුණාය.


ඉශ්‍රායෙල්ට දාව උපන් තමුන්ගේ පියවූ දාන්ගේ නාමය අනුව ඔව්හු ඒ නුවරට දාන් යන නම තැබුවෝය. නුමුත් පළමුවෙන් ඒ නුවර නම ලායිෂ්ය.


මෙසේ ඔව්හු නප්තලී කඳු රටේ තිබෙන ගලීලයෙහි කෙදෙෂ්ද එප්‍රායිම් කඳු රටේ ෂෙකෙම්ද යූදා කඳු රටේ හෙබ්‍රොන් වන කිරියත්-අර්බාද වෙන්කොට තැබුවෝය.


යෝෂුවා උත්තරදෙමින්: නුඹලා මහත් සෙනඟක් නම්, එප්‍රායිම් කඳු රට නුඹලාට මදි බැවින් වනාන්තරයට ගොස් එහි පෙරිස්සිවරුන්ගේද රෙඵාවරුන්ගේද රටෙන් කොටසක් එළිකර ගන්නැයි ඔවුන්ට කීවේය.


ශුභ ආරංචි ගෙනෙන්නාවූ, සමාදානය ප්‍රකාශකරන්නාවූ, යහපත ගැන හොඳ ආරංචි ගෙනෙන්නාවූ, ගැළවීම ප්‍රකාශකරන්නාවූ: නුඹේ දෙවියන්වහන්සේ රජකම්කරනසේකැයි සියොන්ට කියන්නාවූ තැනැත්තන්ගේ පාද කඳු පිට කොපමණ අලංකාරද!


අන්න, යූදා නුවරවල් පාළුවක්ද හිවලුන්ගේ වාසයක්ද කිරීමට දූසාමාන කථාවක හඬක්ද මහත් ඝෝෂාවක්ද උතුරු දේශයෙන් පැමිණෙන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්