Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 4:12 - Sinhala Revised Old Version

12 ඊට වඩා සැරවූ හුළඟක් මා උදෙසා මාගේ සෙනඟවූ දියණියන් දෙසට පැමිණෙයි. දැන් මමත් ඔවුන්ට විරුද්ධව විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 සමිඳාණන් වහන්සේගේ නියමයෙන් ඇති වන ඒ සුළඟ එයට වඩා දරුණු ය. දැන් සමිඳාණන් වහන්සේ ම සිය සෙනඟට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 සමිඳාණන් වහන්සේගේ නියමයෙන් ඇති වන ඒ සුළඟ එයට වඩා දරුණු ය. දැන් සමිඳාණන් වහන්සේ ම සිය සෙනඟට විරුද්ධ ව විනිශ්චය ප්‍රකාශ කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:12
10 හුවමාරු යොමු  

ඔවුන් මා අත්හැර, අන් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පුකර, තමුන්ගේ අත්වල වැඩට නමස්කාරකළ බැවින්, ඔවුන්ගේ සියලු නපුරුකම් ගැන මම ඔවුන්ට විරුද්ධව මාගේ විනිශ්චයන් ප්‍රකාශකරන්නෙමි.


ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–බලව, මම, මමම පවා, නුඹට විරුද්ධව ජාතීන්ගේ ඇස් හමුවෙහි නුඹ තුළ විනිශ්චයන් ඉෂ්ටකරන්නෙමි.


දුෂ්ටයන් පිට උන්වහන්සේ මලපත් වස්වනසේක; ගිනිද ගෙන්දගම්ද දවන සුළඟද ඔවුන්ගේ කුසලානට බෙදෙන කොටස වන්නේය.


ඒ කාලයේදී මේ සෙනඟටත් යෙරුසලමටත් මෙසේ කියනු ලබන්නේය: කාන්තාරයේ මුඩු කඳුවල ග්‍රීෂ්ම හුළඟක් එනම් පෙළීමටවත් ශුද්ධකිරීමටවත් නොව,


බලව, ඔහු වලාකුල් මෙන්ද ඔහුගේ රථ සුළි හුළඟක් මෙන්ද නැගී එන්නේය. ඔහුගේ අශ්වයෝ රාජාලීන්ට වඩා ශීඝ්‍රය. අහෝ අපට දුක්වේ! මක්නිසාද අපි නාස්තිවීමුව.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක. බලව, මම බබිලෝනියට විරුද්ධවද ලෙබ්-කමයි වැසියන්ට විරුද්ධවද නාස්තිකරන හුළඟක් හටගන්වන්නෙමි.


ඔහු සහෝදරයින් අතරේ සඵලව සිටින නුමුත්, පෙරදිග හුළඟක් වන ස්වාමීන්වහන්සේගේ හුස්ම කාන්තාරයෙන් නැගී ඇවිත්, ඔහුගේ උල්පත හිදීයන්නේය, ඔහුගේ ළිඳද වියළීයනවා ඇත. ඒ අය සියලු ප්‍රිය භාජන වන වස්තු කොල්ලකනවා ඇත.


එකල තමුන්ගේ බලය ස්වකීය දෙවියන් කොට ගත් ඔව්හු හුළඟක් මෙන් ගහගන ගොස් පහවන්නෝය, වරදකාරද වන්නෝය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්