Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 39:18 - Sinhala Revised Old Version

18 සැබවින් නුඹ මුදාගන්නෙමි, නුඹ කඩුවෙන් වැටෙන්නේ නැත. නුඹ මා කෙරෙහි විශ්වාසකළ බැවින් නුඹේ ප්‍රාණය නුඹට කොල්ලයක් මෙන් ලැබෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කියන්නැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 සැබැවින් ම මම නුඹ මුදාගන්නෙමි. නුඹ කඩුවෙන් මරනු නොලබන්නෙහි ය. නුඹ මා කෙරෙහි විශ්වාස කළ බැවින් නුඹ පණ බේරාගෙන ගැළවෙන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 39:18
19 හුවමාරු යොමු  

එනම්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මේ නුවර නවතින අය කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නෝය. පිටතට කල්දිවරුන් වෙතට යන අය ජීවත්වන්නෝය, මෙසේ ඔහු ජීවත්වන ලෙස ඔහුගේ ප්‍රාණය ඔහුට කොල්ලයක් මෙන් ලැබෙන්නේය.


ස්වාමීන්වහන්සේ ස්වකීය මෙහෙකරුවන්ගේ ආත්මය මුදනසේක. උන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන කිසිවෙක්වත් වරදට පත්කරනු නොලබන්නේය.


මේ නුවර නවතින්නා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතයෙන්ද මැරෙන්නේය. පිටතට ගොස් නුඹලා වටලාගෙන සිටින කල්දිවරුන්ට එකතුවෙන්නා ජීවත්වන්නේය. ඔහුගේ ප්‍රාණයද කොල්ලයක් මෙන් ඔහුට ලැබෙනවා ඇත.


එසේ වුණේ ක්‍රිස්තුස්වහන්සේ තුළ පළමුවෙන් බලාපොරොත්තුවුණාවූ අප උන්වහන්සේගේ මහිමයේ ප්‍රශංසාව සඳහා සිටින පිණිසය.


සේනාවල ස්වාමිනි, ඔබ කෙරෙහි විශ්වාසයකරන මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.


ස්වාමීන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලාසිටින්නන්ටත් ප්‍රසන්නවනසේක.


ඒ අයට විරුද්ධව ඔවුන්ට පිහිට ලැබුණු බැවින් හග්රීවරුද ඔවුන් සමඟ සිටි සියල්ලෝද ඔවුන් අතට පාවාදෙනලද්දෝය. මක්නිසාද සටනේදී ඔව්හු දෙවියන්වහන්සේට යාච්ඤාකළෝය; ඔවුන් උන්වහන්සේ කෙරෙහි විශ්වාසකළ බැවින් උන්වහන්සේ ඔවුන්ට ඇහුම්කන් දුන්සේක.


ස්වාමීන් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව; දේශයෙහි වාසයකරමින් විශ්වාසකම අනුව යව.


බලව, ස්වාමීන් කෙරෙහි භය ඇත්තන් සහ උන්වහන්සේගේ කරුණාව බලා සිටින්නන්ගේ ආත්මය මරණයෙන් ගළවන පිණිසත්,


උන්වහන්සේ කාලවල කෙළවරදී ප්‍රකාශකරනු ලැබූසේක; මෙසේ නුඹලාගේ ඇදහිල්ල සහ බලාපොරොත්තුව දෙවියන්වහන්සේ කෙරෙහි ඇත්තේය.


එබැවින් මාගේ ශුභාරංචියේ ප්‍රකාරයට දෙවියන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ලවා මනුෂ්‍යයන්ගේ රහස් විනිශ්චය කරවන දවසේදී,


ඔබ කෙරෙහි සිත තබා සිටින තැනැත්තා, ඔබ කෙරෙහි විශ්වාසකරන බැවින්, ඔබ ඔහු ශාන්ත සමාදානයෙන් ආරක්ෂා කරනසේක.


පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.


සාගතයේදී මරණයෙන්ද යුද්ධයේදී කඩුවේ බලයෙන්ද උන්වහන්සේ නුඹ මුදනසේක.


නුඹේ පැත්තක දහසක්ද දකුණු පැත්තෙහි දසදහසක්ද වැටෙන්නෝය; එහෙත් එය නුඹට ළං නොවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්